එජාප මහ ලේකම් අනතුරු හඟවයි : සජිත් පිළ මඩින සූදානමක් !

එජාප මහ ලේකම් අනතුරු හඟවයි : සජිත් පිළ මඩින සූදානමක් !

එක්සත් ජාතික පක්ෂය තුළ සිටින පුද්ගලයක් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පක්ෂයට ගැටලු ඇති බවත් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් මහ ලේකම්වරයා මේ අදහස් පල කලේය.

පක්ෂය තුළ සිටින බහුතරයක් එකමුතුව කටයුතු කිරීමට සැරසෙද්දී කිහිප දෙනෙකු එම එකමුතුකම කඩාකප්පල් කිරීමට උත්සාහ කරන පව පෙන්වා දෙන මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඔවුන්ට එරෙහිව ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බවයි.

මේ වනවිට පක්ෂයට හා පක්ෂ නායකත්වයට අභියෝග එල්ල වී ඇත්තේ සජිත් පාර්ශ්වයෙනි. ඒ අනුව මහ ලේකම්වරයා මේ පවසන්නේ සජිත් පාර්ශ්වයේ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් විය යුතුය.

මේ වන විට සජිත් පාර්ශවය නමින් එජාප ය තුළ වෙනම පාර්ශවයක් බිහිව ඇති අතර ඔවුන් දැඩි ස්ථාවරයක සිටින්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස එජාප ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බවය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න