රනිල්ගේ සොයුරාගේ TNL වෙතින් මංගලට මඩක් (වීඩියෝ)

රනිල්ගේ සොයුරාගේ TNL වෙතින් මංගලට මඩක් (වීඩියෝ)

රාජපක්ෂවරුන්ට එරෙහිව මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සඳහා ඉදිරිපත් කිරීමට සිටින වඩාත් සුදුසුම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා බව තමන්ගේ අදහස යයි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළ අමාත්‍ය මංගල සමරවීර ඉලක්ක කර ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහගේ සොයුරාට හිමි TNL නාලිකාවෙන් අවලාද මෙහෙයුමක් ආරම්භකර ඇත.

පසුගිය දින කිහිපයක් පුරා TNL නාලිකාව සිය පුවත් විකාශය තුලින් මෙසේ මංගල අමාත්‍යවරයා ඉලක්කකර ගනිමින් ප්‍රහාරය උත්සන්න කර ඇත්තේ, සජිත් ප්‍රේමදාසගේ සහභාගිත්වයෙන් හෙට (23) මාතර සනත් ජයසුරිය ක්‍රීඩාංගනයේ දී ජනරැළියක් සංවිධානය කිරීමට මංගල අමාත්‍යවරයා කටයුතු කර තිබීම ගැන චෝදනා කරමිනි.

ඊයේ (21) රාත්‍රී TNL අවලාද සහගත පුවත් විකාශයට අදාල වීඩියෝව තම ට්විටර් ගිණුම හරහාද ප්‍රසිද්ධියට පත්කර ඇති අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් එම නාලිකාවේ පුවත් අංශය භාර ඉෂිනි වික්‍රමසිංහට ස්තුතිය පළකර ඇත.

SAM

යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙටි කාලය තුල මංගල අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කලේ අගමැති රනිල් වික්‍රමසිංහගේ සොයුරු ශාන් වික්‍රමසිංහගේ දියණිය වන ඉෂිනි වික්‍රමසිංහයි. කෙසේවුවද ඇය ඇමතිවරයා හමුවේ කල ප්‍රකාශයක් හේතුවෙන් ඇමතිවරයා දොස්පවරා තිබු අතර අවසානයේ ඇය සිය තනතුරින් ඉල්ලා අස්විය.

ඇය එහිදී පවසා තිබුනේ මෙවර ජනාධිපතිවරණයේදී 'අන්කල්ට' (අගමැතිට) එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම්, තම පවුලේ සියලු දෙනා ගෝඨාභය රාජපක්ෂය සහය පලකරන බවයි.

ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ධුරයෙන් ඉවත්වීමෙන් පසු ඉෂිනි වික්‍රමසිංහ මේවනවිට අගමැති කාර්යාලයේ මාධ්‍ය උපදේශිකාවක් ලෙස කටයුතු කරයි.

ඉෂිනි වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන උපදේශක වන දිලිත් ජයවීරට අයත් Triad Advertising සමාගමේ ආරම්භක අධ්‍යක්ෂවරියකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න