රද්දොලුව නිවාස සංකිර්ණය තුල පිහිටි ක්‍රීඩා පිටිය තුල ළමා විනෝද සැනකෙලියක් පැවැත්වීමට ක්‍රීඩා පිටිය වෙන්කර ගැනිම සදහා පැමිනි සැනකෙලි සංවිධායක වෙතින් කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිරාජ් නිශාන්ත ගුණසේකර අල්ලස් ලබාගැනීමට යාම වීඩියෝ සහ හඬපට සාක්ෂි සහිතව සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැර ඇත.
කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිරාජ් නිශාන්ත ගුණසේකර යනු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ පාර්ශවය නියෝජනය කරන ප්‍රබල ආධාරකරුවකු වන අතර ඔහු විසින් ලබාගැනීමට තැත්කල අල්ලස් මුදල රුපියල් 12500.00 කි.
මේ අවස්ථා සියල්ල පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේ කටාන ප්‍රාදේශීය සභාවේ ක්‍රීඩා කමිටු සභාපති විසිනි.
ඒ පිළිබඳ ඔහු සිය ෆේස් බුක් ගිනුමේ තැබූ සටහන පහත දැක්වෙන අතර වීඩියෝ සහ හඬපට ය ද පහත දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
