කොළඹ යුනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා ධාවනයේ යෙදෙන බේරේවැව මගී ප්‍රවාහන බෝට්ටු සේවය අද (22) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබිණි.
අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් පවත්වාගෙන යනු ලබන මෙම සේවාව පළමු මාසයේ දී මගී ජනතාව හට නොමිලයේ සැපයීමට නියමිතයි.
ශ්‍රී ලංකා නාවික හමුදාවත් සමඟ එක්ව, අවශ්‍ය සියලු ආරක්ෂක විධිවිධාන සම්පූර්ණ කරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර යූනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව කරා විනාඩි 09කින් පැමිණිමේ හැකියාව මගීන්ට මේ හරහා ලැබෙනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
