පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසීමේ කටයුතු අවසන් කර ඇති බව එහි සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පවසයි.
තේරීම් කාරක සභාවේ කාලය සැප්තැම්බර් මස 30 වැනිදා දීර්ඝ කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වූ අතර, ලබාගෙන ඇති සාක්ෂි විමර්ශනය කිරීම සහ අවසන් වාර්තාව සකස් කිරීමේ කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කරන බවත් සභාපතිවරයා පවසා තිබේ.
මේ අතර අවශ්‍ය වුවහොත් පමණක් ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසීමට කටයුතු කරන බව ද ඔහු සදහන් කර ඇති අතර කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තේරීම් කාරක සභාව මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බව ද පවසා තිබේ.

