වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සඳහා ගැසට් පත්‍රය සූදානම් - රාජිත

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සඳහා ගැසට් පත්‍රය සූදානම් - රාජිත

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට යවා තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පාර්ලිමේන්තුවේදී අද (22 ) පැවසීය.

එම ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා යවා ඇතැයි දැනගෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩවර්ජනයක් කැඳවා තිබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.

එම වැඩවර්ජනය හේතුවෙන් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ලැබුණේයැයි ප්‍රකාශ කිරීමට වෙද්‍යෙ නිලධාරින්ගේ සංගමය සැලසුම් කර තිබෙන බවත් මෙවැනි වැඩවර්ජන වෘත්තීය සමිතිවල පැරණි ක්‍රමයන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි දයාසිරි ජයසේකර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මධ්‍යම රජයට අයත් රෝහල්වලට ඔක්සිජන් වායුව සපයන ගෑස්වෝල් පුද්ගලික සමාගමට සහ සිලෝන් ඔක්සිජන් ලිමිටඩ් සමාගම සඳහා මාසිකව රුපියල් මිලියන 61ක්ද, පළාත් සභාවලට අයත් රෝහල්වලට ඔක්සිජන් වායුව සැපයීම වෙනුවෙන් එම සමාගම් සඳහා මාසිකව රුපියල් මිලියන 22ක්ද වැයකරන බව ඇමතිවරයා සඳහන් කළේය.

මෙම ගෙවීම් සදහා මහාභාණ්ඩාගාරයෙන් පළාත් සභාවෙත් සෘජුව මුදල් ලබා නොදී වෛද්‍ය සැපයුම් අංශය මගින් ප්‍රතිපූරණය කරන බවත්, වාර්ෂිකව රුපියල් බිලියන 50ක් පමණ වෛද්‍ය සැපයුම් අංශය වෙත වෙන්කරන බවත් ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න