ගෝඨාගේ සාදයට ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ගිහින් !

ගෝඨාගේ සාදයට ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ගිහින් !

පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (21) රාත්‍රී කොළඹ ශෑන්ග්‍රී ලා හෝටලයේ සංවිධානය කර තිබු රාත්‍රී භෝජන සංග්‍රහයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද සහභාගී වී ඇත.

විපක්ෂ නායකවරයා විසින් ඒ සඳහා ආරාධනය කර තිබු අතර ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඊට සහභාගිවී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාලගෙන් ලැබූන උපදෙස් අනුවය.

ඒ අනුව, සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර, ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, ෆයිසර් මුස්තාපා, රන්ජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, අන්ගජන් රාමනාදන්, ශ්‍රියානි විජේවික්‍රම, තිලංග සුමතිපාල, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, දුෂ්මන් මිත්‍රපාල ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මෙම සාදයට එක්ව ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටද මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට ආරාධනා කර තිබුනද අවමගුලකට සහභාගී වීමට ඇතැයි පවසමින් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. එසේම, ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක ද මෙම සාදයට එක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් කිහිප දෙනෙකුද මෙම සාදයට එක්ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න