ශවේන්ද්‍රට ඇමරිකාව ගහන විට ගෝඨා නිහඬ ඇයි : කඳවුර තුළම සැකසංකා මතුවේ !

ශවේන්ද්‍රට ඇමරිකාව ගහන විට ගෝඨා නිහඬ ඇයි : කඳවුර තුළම සැකසංකා මතුවේ !

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තරයෙන් මතුවන විරෝධතා හමුවේ

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ඔහුට සහය පලකරන විමල් විරවංශ හා උදය ගම්මන්පිල වැනි පක්ෂ නායකයින්ගේ ද සැකයට බඳුන්ව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ගෝඨාභය රාජපක්ෂගේ 'වියත්මඟ' ඇතැම් ක්‍රියාකාරීන් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ප්‍රතිචාරය දැඩිව හෙළාදැක ඇතත් ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් කර නොමැත.

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් විරෝධයක් මතුකරන ඇමරිකාව, එවැනිම චෝදනා එල්ලවී ඇති ගෝඨාභය රාජපක්ෂ 'පොහොට්ටු' පක්ෂයේ අපේක්ෂකත්වයට නම් කළ අවස්ථාවේදී විරෝධයක් මතු නොකිරීම ද සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවකට ලක්ව තිබේ.

''ශවේන්ද්‍ර සිල්වා හමුදාපති වුනාම කෑගහන ඇමරිකාව, ගෝඨාභය ජනාධිපති වෙන්න හදන එකට සද්දේ වහලා ඉන්නේ ඇයි ?'' දැයි ද කාරණය එම මාධ්‍ය කතිකාව තුල සැකයක් මතු කරන්නේ, ගෝඨාභය ජනාධිපති කරවීමට ඇමරිකාව කුමන්ත්‍රණයක් කරන්නේ ද යන සැකයද මතුකරමිනි.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි පොස්ටු පලවෙමින් තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ හා ඇමරිකාව අතර රහස් ගනුදෙනුවක් පවතින බවට මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ බරපතල සංවාදයක් මතුවෙමින් තිබියදීය.

save

මෙම කාරණය සම්බන්ධයෙන් කළ විමසීමකදී කොළඹ සිටින විදෙස් රාජ්‍යතන්ත්‍රීක නිලධාරියකු පැවසුයේ, ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කිරීම රජය විසින් සිදුකල පත්කිරීමක් නිසා එවැන්නක් සම්බන්ධයෙන් යම් විවේචනයක් කිරීමට රාජ්‍යතන්ත්‍රීක මට්ටමින් ඉඩක් ඇතත්, යම් පක්ෂයක් විසින් කළ නම් කිරීමක් සම්බන්ධයෙන් රාජ්‍යතන්ත්‍රීක මැදිහත්වීම් සාමාන්‍යයෙන් සිදු නොවන බවයි.

''ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කිරීම රජයේ කටයුත්තක්. රජයේ පත් කිරීමක් සම්බන්ධයෙන් යම් කනස්සල්ලක් පලකරන්න විදෙස් රටකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට හැකියාව තියනවා. එත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම දේශපාලන පක්ෂයක වැඩක්. එක නම් කිරීමක් පමණයි. රජයක කටයුතු සම්බන්ධයෙන් යම් යම් විවේචන කලත් රටක දේශපාලන පක්ෂයක තීන්දු තීරණ සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් රාජ්‍යතන්ත්‍රීක මැදිහත්වීම් සිදුවන්නේ නැහැ. '' එම විදෙස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

save2

ඔහු ලුතිනන් ජෙනරාල් තනතුරට උසස් කරන ලදි.

ඔහු එම තනතුරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත් කෙරුණේ යුද හමුදාපති වශයෙන් කටයුතු කළ ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක අගෝස්තු 18 වෙනිදා විශ්‍රාම යෑම හේතුවෙනි.

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් මතුවන ජාත්‍යන්තර අවධානයට එක්වූ යුරෝපා සංගමය ද, මේ පියවර නිසා "සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය පිළිබඳව ගැටලු මතුවන බව" පැවසීය.

යුරෝපා සංගමය ඊයේ (අගෝ. 20) එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කළේ රටවල් හයක දූත මණ්ඩලවල එකඟතාව ඇතිවය.

save3

මේ අතර මතුවෙමින් පවතින ජාත්‍යන්තර ප්‍රතිචාරවලට පිළිතුරක් දෙමින් ඊයේ නිවේදනයක් නිකුත් කළ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ, යුද හමුදාපතිවරයා පත්කිරීම "රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්" බවකි.

michelඑහි තවදුරටත් දැක්වෙන්නේ "විදේශීය පාර්ශ්වයන් මඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමටඋත්සාහ දැරීම යුක්ති සහගත නොවන අතර, එය පිළිගත නොහැකි ක්‍රියාවක්" බවය.

"චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කනගාටුවට කරුණක් වන අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වේ" යනුවෙන් ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ අතර, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්ත තානාපති කාර්යාල සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම නොර්වේ සහ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලවල එකඟතාව මත යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචෙලේ යොමුකර ඇති අවධානය කෙරෙහි ඔවුන් ද පූර්ණ සහයෝගය ලබාදෙන බවය.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට උසස් කිරීම මගින් සාධාරණත්වය සහ වගවීම තහවුරු කිරීම සඳහා 2019 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය පිළිබඳව ගැටලු මතුවන බවද එහි සඳහන් වේ.

"එමගින් ජාතික සංහිදියාව කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම පසුබෑමකට ලක්කරන අතර යුද්ධයේ ගොදුරු බවට පත් වූ සහ යුද්ධයෙන් දිවි බේරා ගත් ජනතාවට පීඩාකාරී පණිවුඩයක් ද යොමු කෙරේ" යැයි ද යුරෝපා සංගමය පැවසීය.save4

පසුගිය මාර්තු මාසයේදී ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් පත් කළ අවස්ථාවේ ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචෙලේ, සිය අප්‍රසාදය පළ කළාය.

එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කරමින් ඇය පැවසුවේ එම පත් කිරීම "කනගාටුදායක තත්ත්වයක්" බවය.

එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවති අවසන් සටනේදී යුද හමුදාවේ 58වැනි සේනාංකයට ශවේන්ද්‍ර සිල්වා අණදුන් අතර ඔහු හමුදාපති වශයෙන් පත්කිරීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි කැනඩා මහ කොමසාරිස් කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ද ඔවුන්ගේ විරෝධය පළ කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කොළඹ පිහිටි කැනඩා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ලුතිනන් ජෙනරාල් සිල්වාට එරෙහිව "යුද සමයේදී මානව හිමිකම් උල්ලංඝණය කළේ යැයි පිළිගත හැකි චෝදනා" ඇති බැවින් ඔහු යුද හමුදාපති වශයෙන් පත්කිරීම ගැන තමන් "දැඩිලෙස සැලකිලිමත්" වන බවය.

ඔහුගේ පත්කිරීම නිසා "සංහිදියාව සහ වගවීම" සම්බන්ධයන් කෙරෙමින් පවතින කටයුතු යටපත් වන බව ද කැනඩා මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.

save5

මේ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් කරමින් සඳුදා (අගෝ. 19) ඇමෙරිකා එක්සත් ජනපදය පැවසුවේ සිය "දැඩි අවධානය" යොමු වී ඇති බවකි.

"එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල සහ විශ්වසනීය වේ," යනුවෙන් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් විය.

(උපුටා ගැනීම් - බීබීසී සිංහල සේවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න