රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගෙන !

රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගෙන !

රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

ඒ අනුව එම පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට සභාවේ එකඟතාවය ලැබුණි.

විපක්ෂයේ මන්ත්‍රිවරුන් අධිකරණය හමුවට යාම හේතුවෙන් මෙම පනත් කෙටුම්පත සම්බන්ධව නෛතික ගැටලු පැන නැගී තිබෙන බැවින් මෙම තීරණය ගත් බවද සභානායකවරයා සඳහන් කළේය.

ඉඩම් ඔප්පු නැති ජනතාව ලක්ෂ 25කට ඔප්පු ලබාදීම සඳහා මෙම පනත මගින් ආණ්ඩු පක්ෂය සැලසුම් කර තිබුණද විපක්ෂය අධිකරණයට ගොස් එම අවස්ථාව අහිමි කළ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න