හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂට විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීම ගැන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ බෙදීමක් ඇති වී තිබෙන බව පොහොට්ටු පාර්ශවයේ වෙබ් අඩවියක් වාර්තා කරයි.
ගෝටාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක කිරීම පිළිගත නොහැකි බව පක්‍ෂ නායක ඩිව් ගුණසේකර හා ඔහුගේ හිතවාදීන් සදහන් කර ඇති බවත් එම පුවතේ දැක්වෙයි.
එම පුවතේ වැඩිදුරටත් මෙසේද සදහන් කර ඇත.
නමුත් පක්‍ෂ මහ ලේකම් රාජා කොල්ලුරේ හා වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් පවසන්නේ ජයගත හැකි අපේක්ෂකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිසා ඔහුට අපේක්‍ෂකත්වය දිය යුතු බවයි.
මෙම තත්වය මත එම පක්ෂය තුළ ප‍්‍රබල බෙදීමක් හටගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
