කළුතර වස්කඩුව නාගස්හංදිය ප්‍රදේශයේ දී සිදුවු බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් තිබේ.
අනතුරින් තුවාල ලැබූ 52 දෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.
තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයින් 43 දෙනෙකු, කාන්තාවන් 8 දෙනෙකු හා කුඩා දරුවෙකු සිටී.
අනතුරින් මිය ගොස් ඇත්තේ කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 3 දෙනෙකි.
ඇල්පිටිය දෙස සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් තවත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අද අලුයම 5.15ට පමණ අනතුර සිදුව ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
