Image

හිකනල් නලින්වාදියෝ

හිකනල් නලින්වාදියෝ

නලින් ද සිල්වාගේ ඉදිරිපත් කිරීම් පිළිබඳව සම්භාෂණයක් පසුගිය 03වන පැවැත්වුණි. නමුත් එය සුපුරුදු ප්‍රහසනයකි. මට අවශ්‍ය වූයේ එය ප්‍රහසනයක් බවත්, Nirmal Dewasiri හැර කතා පැවැත් වූ අනෙක් අය (නලින්වාදීන්) නලින් ගේ ඉදිරිපත් කිරීම් අවම මට්ටමකින් හෝ වටහාගෙන නොමැති බව Thamalu Maliththa Piyadigama හරහාම ඔප්පු කිරීමයි. ඔවුන්ගේ අමනකම් එළියට පැමිණෙන බව දැනගත් සිංහල බෞද්ධ දහම්පාසල් සංවිධායක පාහරයින් විසින් සුපුරුදු පරිදි ප්‍රශ්න ඇසීම වැළැක්වීම සඳහා දැඩි උත්සාහයක් දැරීය. එවැනි තත්ත්වයක දැඩි අපහසුතාවයකින් කෙටි කර ප්‍රශ්න ඇසීමට සිදු වීම නිසා හරියාකාරව ප්‍රශ්න යොමු කරගැනීම කළ නොහැකි විය.

රට පාලනය කළ යුත්තේ රජ පවුලක් ද...?

සංවිධායකයින් සහ එයට සහභාගී වූ අනෙක් උගත් අමනයින් හට නලින් යනු බුදුන් ළඟ පමණක් කදෝපැණියෙකු වන "අතිශය සුවිශේෂී" පුද්ගලයෙකි. විද්‍යාව ඉගෙන ඉහළ රැකියා කරන අමනයින් බොහෝ දෙනෙකු බුදුන් භාරගෙන ඇත්තේ සාමාන්‍ය මනුෂ්‍යකුට එහා ගිය සුවිශේෂී අධිගෘහිත හැකියාවන් ඇති අයෙකුය යන ස්ථානයෙනි (එසේ නොමැති ඔවුන් හට බුදුන් භාරගත නොහැක; ඒ බුදුන් පාසල් ගොස් විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලබා තිබූ බැවිනි). ඔවුනට අනුව, එම හේතුවෙන් නූතන විද්‍යාවට අදාළ දැනුම් සම්භාරය පවා බුදුන්ට එකල පරිපූර්ණ වශයෙන් ඥානනය කළ හැකිව තිබුණු අතර එවන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති අය මෙලව පහල වන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් බලනවාටත් වඩා ඉතා දුර්ලබ ආකාරයෙනි.

මුලින්ම අදහස් ඉදිරිපත් කළ අමනයා විසින් උත්සාහ කරන ලද්දේ නලින් එවැනි සුවිශේෂී පුද්ගලෙයෙකු ලෙස සලකුණු කිරීමටය. ඊළඟට කතා කළ අක්කරවත්ත ද එසේය. මුන් ගැන මීට වඩා කතා කළ යුතු නැත. උන්ට ගැළපෙනුයේ රාජපක්ෂ පවුල වැනි ජාතක කතාවල එන රජ පවුලක් රට පාලනය කිරීමයි. ඔවුන් එම සංවාදයේ දී භාවිතා කළ අලංකාරික තුලින් ප්‍රකට වන්නේ එයයි.

සංවාදයට බිය හිකනලුන්

කෙසේ වෙතත් තමළු ලවාම උන්ගේ මුග්ධත්වය ප්‍රකට කරවීමට හැකි වීම ඔවුනට දරා ගනත නොහැකි දෙය වුව ද ඔවුන් කිසි දිනක ඔවුන්ගේ එම ස්ථාවරයන් අත්නොහරිනු ඇත්තේ ඔවුන් මෙහෙයවෙන්නේ භාෂාවක් මෙන් ව්‍යුහගතව ඇති අවිඥානය විසින් බැවිනි. නලින්වාදීන් යනු සංවාදයට බිය හිකනැලුන් විශේෂයකි. අපගේ විද්‍යාව පිළිබඳව ලිපි පෙළ වෙතින් සිදු කරන නලින්ගේ ස්ථාවරයට පිළිතුරු දීම තමළු මගහරින්නේ ඒවා දිග වැඩි බව පවසමිනි.

කෙසේ වෙතත් තමළු විසින් ප්‍රකාශ කරන ලද්දේ බටහිර දැනුම් පද්ධතීන් සිංහල බෞද්ධ ජාතිකත්ව සම්ප්‍රදාය තුළට අවශෝෂණය කරගැනීම යනු සුසමදර්ශයක ආකෘතියක් නොගන්නා බව ය. නමුත් සංවාදයේ මාතෘකාව වූයේ "නලිනියානු සුසමාදර්ශයයි"...

විද්‍යාව යනු මෙතෙක් පැවති දැනුමෙන් වෙනස් වන දැනුමේ සුවිශේෂී ආකාරයක් (විද්‍යාව ආරම්භය පෙර නොපැවති) බව නලින් සහ තමළු යන දෙදෙනා ම නොපිළිගන්නා කාරණයකි (ඔවුන් එය යම් යම් ස්ථානවල යම් යම් ආකාරයෙන් පිළිගත්තා ද සමස්තයක් ලෙස සලකන කල එසේ පිළිනොගනී).

නලින්වාදීන් යනු කවුරුන්දැයි නැවත නැවත ලිවිය යුතු නැත. ඒ ගැන ඕනා තරම් ලියා ඇත (මේ මෑතකදී ලියන ලද ලිපියක් පළමු කමෙන්ටුවේ දක්වා තිබේ).

පසු සටහන:

අනෙක් සියලු නලින්වාදීන් සැලකූ කල ඔවුන් ගූ අනන අමනයින්ය. යම් සංවාදයක් කළ හැක්කේ තමළු සමග පමණි. ඔහුට අප කරන අභියෝගය වන්නේ හැකි නම් අපගේ විද්‍යා පිළිබඳව ලිපි පෙළ නලින්ගේ අර්ථයෙන් ප්‍රශ්න කර පෙන්වන ලෙසය (එහි 4 කොටස මේ සති අග පළ කෙරේ).

නලින්ගේ අනුගාමිකයින්, වාමාංශිකන් ඇතුළු බොහෝ අය විසින් පවත්වන අකාරයේ කන්ද උඩ දේශනා වෙනුවට "ස්පාටකස් ලිපි" කියවන අය සමග සංවාදය මැයි 9 සෙනසුරාද උදේ 9 සිට සවස 3 දක්වා මරදාන CSRහිදී පැවැත්වේ. ඕනෑම අයෙකුට අපව ප්‍රශ්න කල හැකි ය...

Madawa Ruwanpatirana

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න