Image

බලශක්ති අමාත්‍යවරයා සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස පෙනී සිටි පුද්ගලයෙක් අත් අඩංගුවට

බලශක්ති අමාත්‍යවරයා සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස පෙනී සිටි පුද්ගලයෙක් අත් අඩංගුවට

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන්ව සිටින අයට ආධාර ලබා දෙන බව පවසමින් බලශක්ති අමාත්‍යවරයා ලෙස සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස පෙනී සිට, ව්‍යාජ ලේඛන සකස් කර ආධාර එකතු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සුදේශ් නලින්ද අල්විස් නැමැති සැකකරු ලබන 20 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (06)නියෝග කළේ ය.

සැකකරු කැසිනෝ ක්‍රීඩාවල නියැළෙන්නෙක් බවත්, ඔහුගේ පුද්ගලික ගිණුමට සහ කැසිනෝ ගිණුම්වලට මුදල් ලැබී ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.

මේ වනවිට රුපියල් ලක්ෂ පහක මුදලක් ලැබී ඇති අතර ඩුබායි සිටින ව්‍යාපාරිකයින් රැස්කරගෙන මුදල් ලබා ගෙන ඇති බවට විමර්ශන අනාවරණය කළ බවත් පොලිසිය කියා සිටි අතර මෙම වංචාවට හිමිවරුන් දෙනමක් සම්බන්ධ බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශන කරන බව ද වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය පැවසී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න