බෞද්ධ රටක් වූ ශ‍්‍රි ලංකාවේ එල්ලූම්ගහ නැවත ක‍්‍රියාත්මක කිරිම වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බැවින් තමන් ඊට ප‍්‍රසාදය පළ නොකරන බව හිටපු කතානායක චමල් රාජපක්ෂ පවසයි.
ඊයේ (01) සවස මඩුවන්වල පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.
“එල්ලූම්ගහ නැති කළේ බණ්ඩාරනායක මහත්තයා. ඊට පස්සේ බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කරපු වෙලාවේ නැවත එල්ලූම් ගහ ක‍්‍රියාත්මක කරන්න අවසර ඉල්ලපු වෙලාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවක් විරුද්ධ වෙනවා මට මතකයි. ඒ නිසා ඒක නැවතවතාවක් ගේන්න හොඳ නෑ.
පක්ෂය සහ ජනතාව සූදානම් නම් අපේක්ෂකත්වයට සූදානම් !
ඉදිරි ජනාධිපතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්වන ලෙස ඉල්ලීමක් ලැබුණොත් එය පිළිගන්නේ දැයි මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නයට පිළිතුරු දුන් චමල් රාජපක්ෂ පැවසුවේ එය පක්ෂයේ සහ ජනතාවගේ කැමැත්ත මත සිදුවනු ඇති බවයි.
කෙසේ වෙතත් ලබන 11දා පක්ෂ සම්මේලනයේ දී පොහොට්ටුවේ ජනපති අපේක්‍ෂකයා කවුරුන් වෙනු ඇද්ද යන්න ප‍්‍රසිද්ධ වෙනු ඇති බවත් චමල් රාජපක්ෂ එහිදී පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
