කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (02) මීට ටික වේලාවකට පෙර හේමසිරි ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අදාලව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.
කෙසේවෙතත් ඇති වූ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු අද උදෑසන කොළඹ ජාතික රෝහලේ හෘද විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළුත් කෙරුණි.
මෙම අත්අඩංගුවට ගැනීමට නියෝග නීතිපති දප්පුල ලිවේරා විසින් ඊයේ (01) නිකුත්කර ඇති අතර පසුගිය 27 වනදා ද වැඩ බලන පොලිස්පති සී .ඩී . වික්‍රමරත්න වෙත ලිපියක් යොමුකරමින් මේ සම්බන්ධව දැනුවත් කර තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
