කලක පටන් විනාකිරි නිෂ්පාදනාගරයක් යයි කියමින් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් විශේෂ කාර්ය බලකාය හා සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් වටලා ඇත.
එහි හිමිකරු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ ළඟම ගෝලයකු වන දමිත් දනංජය සතු බව අනාවරණය වී ඇති අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ සම්පූර්ණ සහය ලැබී ඇති බවත් වාර්තා වෙයි.
එහි තිබී නීති විරෝධී මත්පැන් නිඹ්පාදනයට යොදා ගන්නා ගෝඩා ලීටර 150,000ක් අත්අඩංගුවට ගෙන ඇත.
එය මෙතෙක් අත්අඩංගුවට ගන්නා ලද විශාලතම නීති විරෝධී මත්පැන් තොගයයි.
කළුතර හීනටියංගල ප‍්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
