Image

ගල් අඟුරු 'කළු' වුවද, 'සුදු' තැන් ද එහි ඇත

ගල් අඟුරු 'කළු' වුවද, 'සුදු' තැන් ද එහි ඇත

කුමාර ජයකොඩි ඇමැතිවරයෙකි. අල්ලස් කොමිසම මගින් ඔහුට මහාධිකරණයේ දී අධි චෝදනා බාර දී ඇත. ගල් අඟුරු සිදුවීමේ ඇති බරපතළ තත්ත්වය අනාවරණය කරමින් ජාතික විගණන කාර්‍යාලය මගින් සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කර ඇත. අද (10) පාර්ලිමේන්තුවේ දී ඔහුට එරෙහි විශ්වාස භංගයේ විවාදය පැවැත්වේ. මධ්‍යම පරිසර අධිකාරිය මේ ගැන අධ්‍යයනයක් කරයි.

ගල් අඟුරු සිදුවීමේ ඇති 'බර' සහ 'ආණ්ඩුවේ තීරණාත්මක පදනමට එයින් වී ඇති හානිය' බරපතළ ය. එහි වාදයක් නැත. ගල් අඟුරු හානිය, එනම් විශේෂයෙන්ම පරිසරයට සිදු වී ඇති හානිය අතිශය බරපතළ බව විෂය ප්‍රවීණයන් ගේ මතය යි.

එහෙත්,

ඇමැතිවරයා තවදුරටත් ඇමැති ධුරයේ කටයුතු කිරීම සදාචාරාත්මක ද වැනි ගැටලු තිබුණ ද, විධිමත් - නිසි ක්‍රමවේදයට අනුව කටයුතු සිදුවෙමින් තිබේ.

ඔට්ටු නැති වැඩ

'මේ ආණ්ඩුව කාලයේ ඇමැතිටත් එහෙමයි' කියන්නට ඔට්ටු නැත. ඒ ආණ්ඩු කාලවල දී එසේ නොවූ නිසා ය, මේ ආණ්ඩුවට බලය දුන්නේ. එනම්, ජනතාව බලාපොරොත්තු වූ ඒ කොටස ඉටුකිරීමට රජයේ ස්වාධීන ආයතනවලට අවශ්‍ය පහසුකම් සලසමින්, ආණ්ඩුව පසෙකට වී සිටී. ජාතික විගණන කාර්‍යාලයේ බලය තවදුරටත් ශක්තිමත් කළේත්, අල්ලස් කොමිසමේ පුරප්පාඩු යම් ප්‍රමාණයක් පිරවීමටත්, එම කොමිසමට පහසුකම් සැපයීමට කැබිනට් මණ්ඩලය හරහා කටයුතු කළේත් ඒ නිසා ය.

අල්ලස් කොමිසමේ විමර්ශන ගොනු සිය ගණනක් යට ගිය හැටිත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් විමර්ශන ගොනුවල තිබූ වැදගත් සාක්ෂි ලියකියවිලි අතුරුදන් වූ හැටිත්, ඒවාගේ ඇතැම් කොටස් ඉරී ගිය හැටිත් අලුත් කතා නොවේ. එහෙත්, ඒවා නොවන්නට ය, මේ ආණ්ඩුවට බලය දුන්නේ.

විපක්ෂය, ගල් අඟුරු තව-තවත් ඉහළට එසවිය යුතු ම ය

මේ ආණ්ඩුවට ගල් අඟුරු තීරණාත්මක බව පිළිගත යුතුය. ඒ සමග ම මේ ආණ්ඩුවේ සියල්ල ගල් අඟුරුවලින් වැසිය නොහැකි බව ද පිළිගත යුතුය. විපක්ෂය ගල් අඟුරු තව-තවත් ඉහළට එසවිය යුතුය. නඩු දැමිය යුතුය. ජවිපෙ / ජාජබ විපක්ෂයේ සිටින විට ද එසේ කළේය.

මෙහි ඇති වඩා වැදගත් කරුණක් වන්නේ ආණ්ඩුව නියෝජනය කරන, ආණ්ඩුවට සහාය දෙන පිරිස් ද නිශ්චිත දත්ත මත ගල් අඟුරු ප්‍රබලව ප්‍රශ්න කිරීමයි. එය වෙනස් තත්ත්වයකි. එවැනි තත්ත්වයක් පෙර තිබුණේ නැත. බහුතර ජනතාවත් එවැන්නක් අපේක්ෂා කළේ නැත.

හරි දේ හරි ය. වැරදි දේ වැරදි ය. අවශ්‍ය වන්නේ සියලු පුරවැසියන් සමග එක් ව එතැනට යන ගමනකි. ශක්තිමත් පුරවැසියකු ගොඩනගන ගමනකි. ආණ්ඩුවේ සිටින විට හරි වන්නටත්, විපක්ෂයේ සිටින විට වැරදි වන්නටත් නොහැක.

රටවල්, රටවල් වන්නේ එසේ ය !

සබැදි පුවත්:-

වැට උඩ තිබූ ගල් අඟුරු එක් පැත්තකට බර වී අවසන් ය

ආණ්ඩුව විගණන වාර්තාවෙනුත් ලිස්සා යන ලකුණු

ශාලික විමලසේනShalika Wimalasena

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න