චාමරගේ සිඟිති ආතල් අපට අදාළ නෑ - - ගුරු සංගම්

චාමරගේ සිඟිති ආතල් අපට අදාළ නෑ - - ගුරු සංගම්

බදුල්ල දමිල කාන්තා විදුහලේ විදුහල්පතිනියට පරුෂවචනයෙන් බැනවැදී දනගැස්සවීම සිදුවීම සම්බන්ධව එල්ලවන සමාජ ප්‍රතිරෝධය සමනය කර ගැනීම සඳහා තුට්ටු දෙකේ වැඩ පෙන්වන තැනට ඌව ප්‍රධාන අමාත්‍යවරයා පත්ව ඇති බවත් ඔහුගේ මේ වැඩ සිඟිති ආතල් බැවින් ඒ පිළිබඳ බරපතල ලෙස නොතකන බව ගුරු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සඳහන් කර සිටියි.

අදාළ සිදුවීම සම්බන්ධව සිදුකරන පොලිස් පරීක්ෂණවලට සහයදීම සඳහා තමන් ඌව අධ්‍යාපන අමාත්‍යධුරයෙන් ඉවත්වූ බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක අද (21) සිදුකළ ප්‍රකාශය සම්බන්ධව newstube.lk සිදුකළ අදහස් විමසීමේදී ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් මෙම අදහස් පළකර සිටින ලදී.

එහිදී newstube.lk වෙත ප්‍රකාශයක් කරමින් ගුරු වෘත්තීය සමිති නියෝජිතයකු වැඩිදුරටත් සඳහන් කර සිටියේ වයඹ පළාත් සභාවේ ගුරුවරියක දනගැස්සවූ පළාත් සභා අමාත්‍යවරයාට ඒ සඳහා පක්ෂ නායකත්වයෙන් ලැබෙන වරප්‍රසාදය පිළිබඳ අත්දැකීම් පවතින නිසා ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයාද මෙවැනි විකාර සහගත ප්‍රහසන සිදුකරන බවක් පෙනීයන බවය.

ජනාධිපතිවරයාගේ දෙපැත්ත කැපෙන කඩුව දේශපාලන වේදිකාවල කතාවලට පමණක් සීමාවී ඇති බවත් මෙතරම් අමානුෂික සහ මානව හිමිකම් උල්ලංඝණය වීමක් සිදුව තිබියදී ඒ පිළිබඳ කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගෙන ඇත්තේ ඒ නිසා බවද ඔවුන් සඳහන් කර සිටියි.

එසේම තමන් අදාළ විදුහල්පතිනියට සිදුවූ අසාධාරණයට එරෙහිව දිගින් දිගටම පෙනී සිටින බවත් ඒ හේතුවෙන් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව නිසි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට වගකිව යුතු පාර්ශව ක්‍රියා නොකළහොත් ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග හරහා මෙන්ම එළඹෙන තැපැල් ජන්දයෙදීද ආණ්ඩුවට තමන්ගේ ප්‍රතිචාරය ලබාදීමට සුදානම් බවද ඔවුන් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න