ප්‍රවීන පුවත්පත් කළාවේදී ජටිල වැල්ලබඩ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන පුවත්පත් කළාවේදී ජටිල වැල්ලබඩ අභාවප්‍රාප්ත වෙයි

ස්වාධීන රූපවාහිනී සේවයේ උපදේශක (ප්‍රවෘත්ති ) ලෙස සේවය කළ ප්‍රවීන පුවත් පත් කළාවේදී ජටිල වැල්ලබඩ මහතා අද (21) අභාවප්‍රාප්ත විය.

ඒ මහතා 1984දී ආධුනික පුවත්පත් කලාවේදියෙකු ලෙස දිවයින පුවතින් ස්වකීය වෘත්තීය ජීවිතය ඇරඹීය. පුවත්පත් ක්ෂේත්‍රවල දස්කම් දැක් වූ ඔහු වඩාත් ප්‍රකට වූයේ දේශපාලන පුවත වාර්තාකරුවෙකු ලෙසය.

වසර 2002 දී ඔහු දිනපතා ලක්බිම පුවත් පතේ ප්‍රධාන කර්තෘවරයා විය. වසර දහයක් පමණ කර්තෘත්වය දැරූ ඒ මහතා , පසුව ඉරුදින පුවත්පතේ කර්තෘ ලෙස පත්විය. ඉන්පසුව ඔහු ෆ්රන්ට් පේජ් හා සවන යන අන්තර් ජාලා වෙබ් අඩවි සේවාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

මිය යන විට ඒ මහතා ස්වාධීන රූපවාහිනී සේවයේ උපදේශකවරයෙකු ලෙස (ප්‍රවෘත්ති ) සේවය කරමින් සිටියේය.

ඒ මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුවෙකි.  ප්‍රියදර්ශනී වැල්ලබඩ මහත්මියගේ ආදරණීය සැමියා වූ ඒ මහතා දෙදරු පියෙකි.

මිය යන විට ඔහු 56 වැනි වියේ පසු විය.

පුවත් පත් කලාව පිළිබද දෙසු විදෙස් ඩිප්ලෝමාධිවරයෙකු වූ ඒ මහතා වසර ගණනාවක් පුරා ශ්‍රි ලංකා කර්තෘ සංසද සම්මාන උළලේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කළේය. 'ඔහු ජයවර්ධන පුර හා කැළණිය යන විශ්වවිද්‍යාල වල බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද සේවය කළ අතර, ඔහු ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ හිටපු ලේකම්වරයෙකි.

මහජන ගෞරවය සදහා දේහය කැළණිය රජමහ විහාරස්ථානය අසල පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත. අවසාන කටයුතු බදාදා ( 24 ) පස්වරු 5.00ට කැළණිය පිලපිටිය පොදු සුසාන භූමි‍යේදී සිදුකෙරේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න