පොහොට්ටුවේ ඉන්න ශ්‍රීලනිප මන්ත්‍රීලට චන්ද්‍රිකාගෙන් අවසන් දිනයක්

පොහොට්ටුවේ ඉන්න ශ්‍රීලනිප මන්ත්‍රීලට චන්ද්‍රිකාගෙන් අවසන් දිනයක්

රාජපක්ෂ පවුලේ බලතන්හාව සඳහා සංවිධානය කරගෙන ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයදීමේ නිරතව සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පෙබරවාරි 07 වන දිනට පෙර පක්ෂ විනය තුළ කටයුතු කළයුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සඳහන් කරයි.

පසුගියදා ගම්පහ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළ අතර එසේ පක්ෂ විනයට අනුව කටයුතු නොකරන සියළු මන්ත්‍රීවරුන් සම්බන්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීම පෙබරවාරි 07 න් පසුව සිදුවන බවද පැවසුවාය.

එහෙයින් රාජපක්ෂවරුන් සමඟ එකතුව ශ්‍රීලංකා නිදහස් පක්ෂය දුර්වල කිරීමට කටයුතු කරනවාද නැතිනම් ශ්‍රීලනිප ප්‍රතිපත්තිය දියත්කර රට ගොඩනැගීම වෙනුවෙන් පක්ෂය ශක්තිමත් කරනවාද යන්න ගැන තීන්දුව ගත යුතු බව හිටපු ජනාධිපතිවරිය සඳහන් කර සිටියාය. එසේම දැනටත් පොහොට්ටුව රට වටේ යන්නෙ ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ කරපිටින් බව තේරුම් ගෙන කටයුතු කළයුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොතිබෙන්න එම කිසිවෙකුට දේශපාලන අනාගතයක් නොමැති බවද ඇය සඳහන් කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න