GSP+ ගනිද්දී ලංකාව දුන් පොරොන්දු ගැන යුරෝපා සංගමය සිහිපත් කරයි

GSP+ ගනිද්දී ලංකාව දුන් පොරොන්දු ගැන යුරෝපා සංගමය සිහිපත් කරයි

යුරෝපයට භාණ්ඩ අපනයනය සඳහා බදු සහන සලසා දී මාස අටක් ගතව ගියත් ශ්‍රී ලංකාවේ රජය පොරොන්දු වූ පරිදි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි නොකිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ පියවර නොගැනීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය නැවත වතාවක් රජයෙන් විමසා තිබේ.

යුරෝපා සංගමය තම අවධානය සම්බන්ධයෙන් කරුනු දක්වා ඇත්තේ සහ ශ්‍රී ලංකාව සමග පිහිටුවා ඇති ඒකාබද්ධ කොමිසමේ 21 වැනි රැස්වීම මේ සතියේ කොළඹ පැවැත්වුනු අවස්ථාවේදීය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත්කොට ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියට සරිලන අණපනත් සම්පාදනය කරන බවට අගමැති වරයා ඇතුළු ආණ්ඩුවේ ඉහලම තැන්වලින් ලැබුණු පොරොන්දු ඉටුවී නැති බව දෙමසකට ඉහතදී කොළඹ පැමිණි යුරෝපා සංගමයේ දකුණු ආසියාව බාර ඉහල පෙලේ නියෝජිත මණ්ඩලයක් කනස්සල්ල පල කර තිබුනි.

EU1“ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුකූල වෙනත් නීතියක් සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් කඩිනම් පියවර ගනු ඇති බවට තමන් තුළ ඇති පැහැදිලි සහ තිර අපේක්ෂාව යුරෝපා සංගමය විසින් යළි අවධාරණය කරන ලදී,” යි ඒකාබද්ධ කොමිසමේ රැස්වීම අවසානයේ නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ බන්ධනාගාර ගතකොට සිටින අනිකුත් රැඳවියන් නිදහස් කරගැනීම වධහිංසා පැමිණවීමට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියකට ශ්‍රී ලංකාව මෑතකදී පාර්ශවකරුවකු වුවත්, ආරක්ෂක අංශ විසින් වධහිංසා පැමිණවීම පිළිබඳවද යුරෝපා සංගමය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ නියෝජිත මණ්ඩලයෙන් විමසා තිබේ.

 SL1“වධහිංසා පැමිණවීම කිසිසේත් නොඉවසන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බවටත්, වධහිංසා පමුණුවන්නන් වහා නීතිය හමුවට ගෙන එන බවටත් ශ්‍රී ලංකා රජය සහතික විය යුතු බවට එකඟතාවක් ඇති කර ගැනිනි,” යි ඒකාබද්ධ නිවේදනය සඳහන් කරයි.

යුද අපරාධ ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා පිහිටුවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී පොරොන්දු වූ පරිදි අවශ්‍ය යාන්ත්‍රණ “කඩිනමින් පිහිටුවන ලෙස” යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයෙන් මහත් අවධාරණයෙන් ඉල්ලා තිබේ.

(radiogagana)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න