සංවර්ධනය ලෙස ඉතුරු වී තිබෙන්නේ කුණු කදු සහ විෂ වතුර පමණයි - චමීර කොස්වත්ත

සංවර්ධනය ලෙස ඉතුරු වී තිබෙන්නේ කුණු කදු සහ විෂ වතුර පමණයි - චමීර කොස්වත්ත

අවුරුදු හැත්තෑවක් තිස්සේ කළ බව කියන සංවර්ධනය මිනිස්සුන්ට ගෙනාවේ විනාශය පමණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත මහතා පවසයි.

අවිස්සාවේල්ල නගරයේදී පසුගියදා පැවති ජනහමුවක් මලෙස අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ සංවර්ධනය ලෙස පවතින්නේ හිස මත කඩන් වැටෙන කුණු කදු, බොන්ට බැරි විෂ වතුර බවයි. මේ ධනවාදී සංවර්ධනයට කිරීමට හැකි දේ එපමණක් බව චමීර කොස්වත්ත මහතා පවසයි .

ඒ මහතා තවදුරටත් පැවසුවේ "දැං රජරට ප‍්‍රදේශයෙන් පටන්ගෙන රටේ හතරදිග්බාගේ අස්සක්මුල්ලක් නෑර වකුගඩු රෝගීන්. ගිය අය වැයෙන් මෛත්‍රීපාල උන්නැහේ කිව්ව රට පුරා රෝහල් 1000කට වකුගඩු රොගය නිසා ලේ පිරිසිදු කරීමේ යන්ත‍්‍ර, ඩයලෙක්සිස් උපකරණ දෙනව කියලා. එකක් දුන්නද? නෑ එකක් දුන්නෙ නෑ. මේ අයවැයෙන් දැම්ම, අනුරාධපුර යාපනය ඇතුළු ප‍්‍රධාන රොහල් 3කට වකුගඩු රෝග ඒකක පිහිටුවනව කියල. නෑ හැදුවෙ නෑ.

"ජනවාරි 08 වෙනිදට කලින් මෛත‍්‍රීපාල මහත්තයයි මේ එක්සත්ජාතික පක්ෂ ආණ්ඩුවයි දුන්නු පොරෝන්දු කන්දක් තිබුන. කවුරුත් එව ඉටුකරයි කියල ඡන්දෙ දුන්න. බලයට පත් වුනා. අඩුම තරමෙ වංචාව දුෂණය නැතිකරනව කිවුව. හොරු අල්ලනව කිව්ව. හොරුන්ට දඩුවම් දෙනව කිව්ව. දැන් හොරු අල්ලන්න ආපු කට්ටිය හොරු වෙලා.

එනිසා මේ රැවටිල්ල අඛණ්ඩව පවත්වගෙන යන මේ රටේ මිනිස්සුත් එක්ක ගැහැණුත් එක්ක මීට වඩා වෙනසද් දේශපාලනයක් කතා කළ යුතුයි කියල අපි විස්වාස කරනවා. එනිසා අපි ඔබට කියනවා කතිරෙ ගහල ආවම මොන කෙංගෙඩියක්වත් වෙන්නේ නෑ. එනිසා ඔබේ අමාරුවෙ තරම දන්නෙ ඔබ. බලා නොයිද තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න සංවිධානය වෙන්න පටන් ගන්න කියල අපි කියනවා. "

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න