හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට විරුද්ධව අල්ලස් කොමිසමෙන් චෝදනා

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට විරුද්ධව අල්ලස් කොමිසමෙන් චෝදනා

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒඑච්එම්ඩී නවාස් සහ විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්එම්සී ෆර්ඩිනැන්ඩුට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිසම චෝදනා පත්‍රයක් ගොනුකොට තිබේ.

එම චෝදනා පත්‍රය සළකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින් ඔවුන් තිදෙනාට මාර්තු 08 වෙනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනි සිතාසි නිකුත් කර ඇතැයි පැවසේ .

සීමාසහිත ලංකා විදුලිබල සමාගමට ඉඩම් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සිරිපාල ජයලත් සහ රත්නපාල ඩයස් යන කමිටු දෙකක් මගින් සිදුකළ පරීක්ෂණයන්ට අනුව අදාල මිලදී ගැනීම්වලදී අක්‍රමිකතා සිදුව ඇති බවත් ඊට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉහත කී කමිටු මගින් සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව නිර්දේශ කර තිබූ බව ද අල්ලස් කොමිසම පවසයි.

එසේ තිබියදී 2010 වසරේ දෙසැම්බර් 01 වෙනි දින සහ දෙසැම්බර් 31 වෙනි දින දක්වා කාලසීමාව තුළ එවක නීතිපතිවරයා ලෙස කටයුතු කළ මොහාන් පීරිස් සහ එම වකවානුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලෙස කටයුතු කළ වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒඑච්එම්ඩී නවාස් එම අපරාධවලට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම තුලින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට ගොනු කළ චෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න