ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුවට දී ඇත්තේ බැදුම්කර වාර්තාවෙන් කොටසක් පමණයි

ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුවට දී ඇත්තේ බැදුම්කර වාර්තාවෙන් කොටසක් පමණයි
 
ජනාධිපති කාර්යාලය විසින් පාර්ලිමේන්තුවට නිකුත් කර ඇත්තේ බැඳුම්කර වාර්තාවෙන් කොටසක් පමණක් බවත් එම වාර්තාවේ ඉතිරි කොටස් පාර්ලිමේන්තුවට ලබා නොදීම ගැටළු සහගත බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
 
නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානය මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ බැඳුම්කර කොමිසමේ වාර්තාවේ එන  ෆුට් නෝට් සටහන් පිළිබද විශේඥන ලියවිලි, රහස් පොලිස් පරීක්ෂණ වාර්තාව ඇතුළු වැදගත්ම ලේඛන කිසිවක් පාර්ලිමේන්තුව වෙත නිකුත්කර නොමැති බවය.
 
ඒ පිළිබඳ විශේෂ ලිපියක් කතානායකවරයා වෙත යොමුකරන්නද එම සංවිධානය ක්‍රියාකර ඇත.
 
එම ලිපිය හරහා කැෆේ සංවිධානය කතානායකවරයාට අවධාරණය කර ඇත්තේ බැඳුම්කර කොමිෂන් වාර්තාවේ වැදගත්ම කොටසක් වන ‘කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වූ‘ සලකුණු කළ ලේඛන‘ සහ සාක්ෂි සටහන් මේ දක්වාම ගරු පාර්ලිමේන්තුව වෙත හෝ ඔබතුමන් වෙත හෝ ලැබි නොමැති බව තම සංවිධානය විශ්වාස කරන බවය.
 
එසේම උදා හරණයක් ලෙස ‘සී 350‘ ලෙස සලකුණු කොට ඇති ලේඛනය මත පදනම් වූ නිරීක්ෂණ පිළිබද ප්‍ර‍ධාන වාර්තාවේ සදහන් වන නමුත්, එම ලේඛනය මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දී නොමැති බවත්   එම ලිපියේ සඳහන් කර ඇත.
 
තවද මන්ත්‍රීවරුන්ට බැදුම්ක වංචාව  හා එයට සම්බන්ධ පාර්ශව පිළිබද සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට සහ තාර්කික, දත්ත පාදකව නිගමනයන්ට එලැඹීම උදෙසා මෙම අතිරේක ලේඛන පරිශීලනය අනිවාර්ය වූ අවශ්‍යතාවයක් බවත්   එබැවින්, අදාළ සලකුණු කළ ලේඛන හා සාක්ෂි සටහන්  අතුලත් වෙළුම කොටස් 2 ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදීම පිණිස ගරු කථානායකවරයාට මැදිහත්වන ලෙසද එම ලිපිය හරහා කැෆේ සංවිධානය දැනුම්දී ඇත. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න