භාෂා තුනෙන්ම නොමැතිව බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට යොමුකිරීම ස්ථාවර නියෝග කඩකිරීමක් !

භාෂා තුනෙන්ම නොමැතිව බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට යොමුකිරීම ස්ථාවර නියෝග කඩකිරීමක් !

බැඳුම්කර වාර්තාව ඊයේ(17) දිනයේ දී කථානායකවරයා වෙත බාර දෙනු ලැබුවත් එහි භාෂා ත්‍රිත්වයෙන්ම පිටපත් නොමැතිව එක් භාෂාවකින් පමණක් වීම හේතුවෙන් එය ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ හැකියාව නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි .

අද(18) පැවති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

ස්ථාවර නියෝග යටතේ භාෂා තුනෙන්ම බැඳුම්කර වාර්තාව කථානායකවරයා වෙත බාර නොදීමට හේතුව එළඹෙන මැතිවරණයෙන් පසුව ඒ සම්බන්ධ කතා බහ යට ගැසීම බව ද මුසම්මිල් මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලය මේ පිළිබඳ හොඳින්ම දැනුවත් වී ඇති බැවින් මෙවැන්නක් සිදු කිරීමෙන් අපේක්ෂා කරන්නේ පෙබරවාරී මස 10 වන දා තෙක් බැඳුම්කර ගනු දෙනුව පිළිබඳ කතා කර ඉන් පසුව එය ජනතාවට අමතක කරවීමේ උත්සහයක් විය හැකි බව ඒ මහතාගේ අදහස වී තිබේ.

එමෙන්ම බැඳුම්කර ගනුදෙනුව තුළින් ලංකා රජයට සිදු වු පාඩුව පියවා ගැනීමට එය සිතා මතා සිදු කරනු ලැබු සැළසුම් සහගත අපරාධයක් වන බැවින් අපරාධ නීතිය යටතේ නඩුවක් ගොනු කළ යුතු යැයි ද මුසම්මිල් මහතා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න