මිලියන 20 ක් වංචා කිරීමේ නඩුවේ ගම්මන්පිලට එරෙහිව සාක්ෂි රැසක් අධිකරණය හමුවට

මිලියන 20 ක් වංචා කිරීමේ නඩුවේ ගම්මන්පිලට එරෙහිව සාක්ෂි රැසක් අධිකරණය හමුවට

උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබෙන මිලියන 20 ක වංචාවක් කරන ලදැයි සඳහන් නඩුව සනාථ කිරීම සඳහා සාක්ෂි කරුවන් 20 ක් සහ ලේඛන 14 ක් ඉදිරපත් කිරීමට සුදානමින් සිටින බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

2000 වසරේදී ඩිජිටල් නොමිනීස් සමාගම විසින් මිලදීගෙන තිබූ කොළඹ පෑන් ඒෂියා බැංකුව විසින් නිකුත් කරන ලද ව්‍යාපාර කොටස් ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට විකිණීමෙන් රුපියල් මිලියන 20ක මුදලක් වංචා කරන ලදැයි යන නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත.

ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් ලෙස එවකට සේවය කළ බ්‍රයන් රොස් ෂැඩ්ඩික් මහතා හා ජැනට් එලිසබෙත් ෂැඩික් මහත්මිය අත්සන් නොකළ බව දනිමින්ම හා ඔවුන් අත්සන් කළ බවට විශ්වාස කිරීමට කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව, ව්‍යාජ ලෙස සකස් කළ ඇටෝර්නි බලපත්‍රයක්, ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හට සත්‍ය ලේඛණයක් ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද නීතිපතිවරයා විසින් තවත් නඩුවක් පවරා තිබුණි.

මෙම නඩුවල හරස් ප්‍රශ්ණ ඇසීම අද(18) කොළඹ මහාධිකරණයේදී සිදුවිය.

මීට අමතරව, වර්ෂ 1996 සැප්තැම්බර් මස 26 වැනිදා හා වර්ෂ 1997 සැප්තැම්බර් 21 වැනිදාත් අතර කාලය තුල රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම මෙන්ම අදාල මුදල සාවද්‍ය පරිහරණය කිරීම පිළිබඳව ද අධි චෝදනා 04ක් යටතේ නීතිපති වරයා විසින් තවත් නඩුවක් පවරා ඇත.

නඩුව මේ මස 26 වනදාට කල් තබා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න