ඛනිජ තෙල් සංස්ථාවේ භූතයෙක් - ලක්ෂ ගණනක ඩීසල් අතුරුදහන් - පරීක්ෂණත් නෑ

ඛනිජ තෙල් සංස්ථාවේ භූතයෙක් - ලක්ෂ ගණනක ඩීසල් අතුරුදහන් - පරීක්ෂණත් නෑ

ඛනිජ තෙල් සංස්ථාවට අයත් ගබඩාවලට යවන ඩීසල් ටැංකි අතර මගදී හිස්කර ඩීසල් වෙනුවට භූමිතෙල් පුරවන ජාවාරමක තොරතුරු අනාවරණය වී ඇතත් ඒ පිළිබඳ මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

මේ වන විටත් කුරුණෑගල ගබඩාවට යවන ලද ඩීසල් ටැංකි හයකින් ලීටර් 6600ක් ඉවත් කර ඒ වෙනුවට භූමිතෙල් පුරවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති ඒ තුළ රුපියල් ලක්ෂ 6කට අධික වංචාවක් සිදුව ඇත.

ලැබී ඇති තොරතුරු වලට අනුව ඩීසල් වෙනුවට භූමිතෙල් පුරවා තිබියදී හසුවූ බවුසරය ගම්පහ, උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් බව පැවසෙන අතර එම බවුසරය මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයෙන් පිටත් වී ඇත්තේ බවුසරයේ ටැංකි හයේම ඩීසල් පුරවාගෙන ය.
ඒ පසුගිය දෙසැම්බර් 31 වනදාය. නමුත් මෙම බවුසරය කුරුණෑගල ගබඩාවට වාර්තා කර ඇත්තේ ජනවාරි 02 වනදා පෙරවරු 11.47 ට පමණය.

ටැංකි 6කින් සමන්විත බවුසරයේ ටැංකි දෙකක භූමිතෙල් ඇති බව අනාවරණය වී ඇත්තේද එහිදී වන අතර අප ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මුතුරාජවෙල සිට මෙම ගමන සම්පුර්ණ කිරීම සඳහා ගතවන්නේ පැය හයකට ආසන්න කාලයක් වුවත් අදාළ ගමන සම්පුර්ණ කිරීමට දින දෙකකට ආසන්න කාලයක් ගැනීම සහ ටැංකි දෙකක භූමිතෙල් පිරවීම පිටුපස දැවැන්ත ජාවාරමක් සිදුව ඇති බවය.

සාමාන්‍යයෙන් ඩීසල් ලීටරයක මිල රුපියල් 95 ක් වන අතර ඉහත බවුසරයේ එක් ටැංකියක පරිමාව ලීටර් 3300කි. ඒ අනුව ටැංකි දෙකක ඩීසල් ඉවත්කර ඒ වෙනුවට භූමිතෙල් පිරවීම හමුවේ ඩීසල් ලීටර 6600 ක් සංස්ථාවට අහිමිවී ඇති අතර එම ඉන්දන තොගයේ වටිනාකම රුපියල් 627,000 කට ආසන්නය.

මේ බව පෙන්වා දෙමින් අප පුවත් මුලාශ්‍ර සඳහන් කර සිටින්නේ ඉහත සිදුවීම තුළ පැහැදිළි වංචාවක් සිදුව ඇති නමුත් මේ වන තෙක් අදාළ විමර්ශන පොලීසියට භාර නොදී සංස්ථාවේ විමර්ශන අංශය භාරයේ තබාගෙන ඇති බවය. එසේම මේ වන තුරුත් බවුසරයේ හිමිකාර පාර්ශවයෙන් ප්‍රකාශයක් හෝ ලබාගෙන නොමැති බවත් ඒ තුළ මෙම ජාවාරම යට ගැසීමේ උත්සාහයක් තිබෙන බවට බරපතල සැකයක් ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න