කාන්තා මත්පැන් තහනමට එරෙහිව අධිකරණයට පෙත්සමක්

කාන්තා මත්පැන් තහනමට එරෙහිව අධිකරණයට පෙත්සමක්

මත්පැන් මිල දී ගැනීමට සහ මත්පැන් අළෙවි සැල්වල සේවය කිරීම සඳහා කාන්තාවන්ට අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය මගින් ගෙන ඇති තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරිණ.

නිශාන්ති බණ්ඩාරනායක, එම්ඩීජේබී ප්‍රනාන්දු, සමන්මලී ෆොන්සේකා, චන්දිමා රවිනි ජිනදාස, දීපාංජලී අබේවර්ධන, සබ්රිනා එසුෆාලි, ශාරන්‍යා සේකරම, රන්දුලා ද සිල්වා, මේනකා ගල්ගමුව, සුජාතා ගමගේ සහ විශාඛා පෙරේරා තිලකරත්න යන කොළඹ නගරයේ පදිංචි කාන්තාවන් එකොළොස් දෙනෙකු විසින් එම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙන පෙත්සම්කාරියෝ, කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට සහ මත්පැන් අලෙවි කරන වෙළෙඳ සැල්වල සේවය කිරීමට නීත්‍යානුකූලව අවසර දෙමින් ඉකුත් 10 වෙනි දින මුදල් අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කළ බව සඳහන් කරති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම මුදල් අමාත්‍යවරයාගේ එම තීන්දුවට දැඩි විරෝධය පළ කළේය.

Twitter සටහන්

twiter 1000px

එම ගැසට් නිවේදනය පිළිබඳව සමාජය තුළ විරෝධතා මතු වීමෙන් පසුව එම ගැසට් නිවේදනය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවට ප්‍රවෘත්ති පළවී ඇතැයි ද පෙත්සමේ සඳහන් වේ.

කැබිනට් මණ්ඩලයේ එම තීරණය මගින් කාන්තාවන්ට සමාජය තුළ සමාන ආකාරයෙන් කටයුතු කිරීමට ඇති අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙත්සම්කාරියන්ගේ තර්කය වී තිබේ.

මේ හේතුවෙන් රජය සිය මූලික අයිතීන් කඩ කර ඇති බවට තීන්දුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කාරියෝ, මත්පැන් මිලදී ගැනීමට සහ මත්පැන් අලෙවිහල් වල සේවය කිරීමට නීත්‍යානුකූලව අවසර ලබාදෙන ගැසට් නිවේදනය අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරති.

මේ අතර ඊයේ (17) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ජාවේදී මෙම කාරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල විමසීමේදී ආණ්ඩුවේ සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, "කොළඹ ඉන්න ගෑනු විතරක් නෙවෙයි කාන්තාවෝ කියන්නේ" යයි කියා සිටියේය.

 

වීඩියෝ

 කාන්තාවන් පිරිසක් ගොනුකළ පෙත්සම පහත පළවේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න