අන්තවාදී ත‍්‍රස්තවාදීන්ගේ දෙවන ප‍්‍රහාරය පොසොන් පොහොයට පෙර එල්ලවන බවත් ඉලක්කය භයානක බවටත් සදහන් අත් පත‍්‍රිකා රත්නපුර නගරයේ බෙදාහැරිය බව කියන පුද්ගලයෙකු රත්නපුර පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට සැකකරුවා රත්නපුර කැටලියන්පල්ල ප‍්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට පත් තැනැත්තා විසින් බෙදා හරින ලද අත්පත‍්‍රිකාවල අඩංගු කරුණු සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරගෙන යන බව ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් තැනැත්තා මෙම පත‍්‍රිකාවෙන් පෙන්වා දෙන කරුණු ඔහුට දැනගැනීමට ලැබුණු ආකාරය ගැන පොලීසියේ අවධානය යොමුව තිබේ.
සිංහල ජාතිකයෙකු වූ අත්අඩංගුවට පත් පුද්ගලයා මෙම තොරතුරු ආරක්‍ෂක අංශවලට ලබානොදී අත්පත‍්‍රිකා මගින් ප‍්‍රසිද්ධ කළේ කාගේ හෝ උවමනාවක් මතද යන්න පිළිබඳව ද පරීක්ෂණ සිදු කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
