බැඳුම්කර ගනුදෙනුවට රවී සම්බන්ධ නෑ - කොමිසමේ නිර්දේශ මෙන්න

බැඳුම්කර ගනුදෙනුවට රවී සම්බන්ධ නෑ - කොමිසමේ නිර්දේශ මෙන්න

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් වාර්තාවේ අදාළ ගනුදෙනුව සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ සම්බන්ධයක් ඇති බව සඳහන්ව නොමැති බව වාර්තා වෙයි.

විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කර සිටින ආකාරයට එම වාර්තාවේ හිටපු අමාත්‍ය රවී කරුනානයකට අදාළව නිර්දේශ තිබෙනුයේ දෙකක් පමණි.

එම නිර්දේශ අතුරින් එකක් වන්නේ බැඳුම්කර වාර්තාවේ 920 පිටුවේ 24 පරිච්ඡේදය තුළ සඳහන් වන ආකාරයට රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේදී ඔහු හා පවුලේ සාමාජිකයන් පදිංචිව සිටි මහල් නිවාසයේ කුළී ගෙවීමේ කටයුත්ත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධිත වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝසියේට් (පෞද්ගලික) සමගම විසින් ගෙවීම සහ ඒ හරහා අමාත්‍යවරයා අයතා ප්‍රතිලාභයක් ලබා ඇතිද යන්න අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සලකා බැලිය යුතු බවය.

එසේම එම විමර්ශනයෙන් අනතුරුව රවී කරුණානායක මහතාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ කාර්යයක් බවද එහි සඳහන්ව ඇතැයිව එම ආරංචිමාර්ග පවසයි.

බැඳුම්කර කොමිසමේ රවී කරුණානායකට අදාළ දෙවැනි නිර්දේශය වන්නේ බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ රවී කරුණානායක මන්ත්‍රීවරයා ලබාදුන් සාක්ෂි සාවධ්‍යද යන්න නීතිපතිවරයා ඇතුළු ඊට අදාළ වගකිවයුතු පාර්ශව වෙත නිර්දේශ කරන බවත් ඒ පිලිබඳ තහවුරු කරගෙන යම් ආකාරයක සාවධ්‍ය සාක්ෂි ලබාදීමක් සිදුකර ඇත්නම් දණ්ඩ නීති සංග්‍රහයේ 179 හෝ 178 වගන්ති යටතේ රවී කරුනානයකට එරෙහිව නීති මඟින් කටයුතු කළයුතු බවය.

මේ පිළිබඳ තොරතුරු ලබාදෙමින් රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ නීතිඥයන් සඳහන් කර සිටියේ පසුගිය වසර දෙක පුරා තම සේවාදායකයා ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව වගකිව යුතු බවට ගෙන ගිය ප්‍රචාර අසත්‍ය බව අදාළ වාර්තාව සාක්ෂි දරන බවය.

මේ අතර බැඳුම්කර ගනුදෙනුවට අදාල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවෙහි පිටපත් 26 (ඉංග්‍රීසි) ක් සහ සංක්ෂිප්ත වාර්තාවක් ද, බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවෙහි පිටපත් 34 (සිංහල) ක් ද අද පෙ.ව.11.18ට ජනාධිපති කාර්යාලයේ නීති නිලධාරී නීතිඥ මුදිත දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දෙනු ලැබීය.

එසේම ඒ පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (17) දින ප.ව 01.00 ට පාර්ලිමේන්තු කමිටු ශාලා අංක 01 දී ගරු කථානායකතුමා සහ නියෝජ්‍ය කථානායකතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර එළඹෙන සඳුදා(22) දිනයේ දී පක්ෂ නායක රැස්වීමක් කැඳවා බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි වැඩ කටයුතු සිදු කරන බව එහිදී නිවේදනය වූ බවද දැනගන්නට ඇත.

26940840 1763174580373503 1567057241 n

26942863 1763174590373502 1843639029 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න