මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීමට කැපවෙනවා - ජිනීවාහිදී ලංකාව පොරොන්දු වෙයි

මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීමට කැපවෙනවා - ජිනීවාහිදී ලංකාව පොරොන්දු වෙයි

මුස්ලිම් විවාහ නීතිය අනුව ක්‍රියාත්මක අවම වයස් සීමාව ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුවේදී (CRC) ශ්‍රී ලාංකික නියෝජිතයින් ප්‍රකාශ කර තිබේ.

ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව සඳුදා (ජනවාරි 15) සහ අඟහරුවාදා දෙදින තුළ ජිනීවාහිදී පැවැත්වුණි. මීට පෙරාතුව නිර්දේශ කරන ලද පරිදි විවාහවීම සඳහා අවම වයස් සීමාවක් නියම කරමින් මුස්ලිම් විවාහ නීතිය සහ උඩරට නීතිය සංශෝධනය කිරීම පිණිස ගනු ලැබ තිබෙන පියවර පැහැදිලි කරන මෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබුණි. එයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා නියෝජිතයින් පවසා ඇත්තේ අවම වයස් සීමාව සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැන සොයාබැලීමට අධිකරණ අමාත්‍යංශය යටතේ කමිටුවක් පත් කර ඇති බවයි.

මුස්ලිම් පුද්ගල නීතිය යටතේ විවාහ වූ වයස අවුරුදු 16ට දැරියන් "ව්‍යවස්ථාපිත දූෂණයට ලක්වීම" සම්බන්ධයෙන් රටේ නීතිය සංශෝධනය පිළිබඳ සිතා බැලිය හැකිවන්නේ මෙම විවාහවන වයස් සීමාව සහ දික්කසාද නීතිය වෙනස් කිරීමෙන් වන බැවින් මුස්ලිම් දැරියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන පරිදි ඇති සියලු නීති සංශෝධනය කිරීමට ඇති හැකියාව එක්සත් ජාතීන්ගේ කමිටුව විමසා තිබේ.

එසේම ශ්‍රී ලංකාව පිළිබඳ සොයාබැලීමේ විශේෂ නියෝජිතයා වන ක්‍රිස්ටීන් සැන්බර්ග් පවසා ඇත්තේ ළමා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් ලංකාව යම් යම් සාධනීය පියවර ගෙන තිබුණත් සමස්ථය දෙස බැලීමේදී මෙරට තුළ දරුවන් අයිතිවාසිකම් හිමිකරුවන් ලෙස සහ පූර්ණ ප්‍රමුඛතාවයෙහි ලා සැලකීමක් සිදුනොවන බව පෙනෙන බවයි.

ශ්‍රී ලංකාවේ දූත පිරිසේ ප්‍රධානත්වය දරන ලද්දේ කාන්තා හා ළමා කටයුතු ලේකම් චන්ද්‍රානි සේනාරත්න මහත්මිය විසිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න