යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ඉල්ලීමකට අනුව එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් කාලීන ආරක්‍ෂක අවශ්‍යතාවය පිළිබඳ සැලකිල්ලට ගනිමින් බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණ 20 ක් ප්‍රදානය කරන ලදි.
මෙම ව්‍යාපෘතියේ නිර්මාතෘ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී මෙම උපකරණ තොගය සංකේතාත්මකව භාරදෙන ලදි.
මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වර්ෂ 2010 සිට 2015 දක්වා නිව්යෝක්හී එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත තනතුර හා තනාපති තනතුර හොබවන කාලයේ ඇතුවූ දිගුකාලීන මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම පරිත්‍යාගය සිදුකරන ලදි.
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන්, මෙම උපකරණ තොගය දිවයිනපුරා යුද්ධ හමුදා සාමාජිකයින් සිදුකරනු ලබන ආරක්‍ෂක කටයුතු විධිමත්ව සිදුකරගැනිම සඳහා බෙදාහැරීමට යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භාරදී ඇත.
{gallery}us-army-sl{/gallery}
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
