දිගටම පාර්ලිමේන්තුව අවුල් කිරීමේ සැලැස්මක් - බුද්ධි අංශ

දිගටම පාර්ලිමේන්තුව අවුල් කිරීමේ සැලැස්මක් - බුද්ධි අංශ

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාර පසුගිය 10 වනදා සිදුකළ ආකාරයටම කඩාකප්පල් කිරීමේ සැළසුමක් ආනාවරණය වී ඇති බව බුද්ධි අංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වන විට එකී සැළසුම පිලිබඳ තොරතුරු රජයේ වගකිව යුතු අංශ වෙත දැනුම්දී ඇති බව සඳහන් කරන එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ පසුගියදා 10 වන දින ඇති වූ ගැටුම සම්බන්ධව සිදුකළ බුද්ධි අංශ විමර්ශනයේදී මෙම සැලසුමට සම්බන්ධ තොරතුරුද අනාවරණය කර ගන්නට හැකිවූ බවය.

එසේම පසුගිය 10 වනදා ගැටුම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්යාලය පෙන්වා දෙන්නේ එදින පාර්ලිමේන්තුවේ කටයුතු අවුල් කිරීම සඳහා සැලසුමක් තිබූ බවට රාහස්‍ය වාර්තා පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශයට ලැබී ඇති බවයි.

බැඳුම්කර වාර්තාවේ පිටපත් එදින සභාවට නොලැබෙන බව සහ අදාළ වාර්තා ජනවාරි මස 17 වන දින ලබාදෙන බවට ජනාධිපති ලේකම්වරයා විසින් දැනුම් දුන් බව කතානායක කරු ජයසූරිය මහතා සභාවට දැනුම් දුන් පසුවත් දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා විසින් දිගින් දිගටම කතානායකවරයා වාර්තාව ලබාදීමට පොරොන්දු වූ බව පවසමින් අශෝබන ලෙස පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට බාධා කළ බව එම නිවේදනයේ දැක්වේ.

එසේම දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ඇතුළු කිහිපදෙනෙකුගේ උසිගැන්වීම් තුළ සභා ඝර්භයට පැමිණි මන්ත්රීතවරුන් විසින් කළින් සැලසුම් කළ ආකාරයට අගමැතිවරයාගේ කතාවට බාධා කරමින් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අවුල් කිරීමට පියවර ගත් බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න