ආන්දෝලනාත්මක ජනාධිපති කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවට

ආන්දෝලනාත්මක ජනාධිපති කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවට

බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව සහ මහා පරිමාණ වංචා දුෂණ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අතුරු වාර්තා 34 ක පිටපත් අද (17 ) පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලබාදී ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වාර්තා පාර්ලිමේන්තුව වෙත ගෙනවිත් ලබාදී ඇති අතර ඒ අනුව බැඳුම්කර වාර්තාවේ පිටපත් 26ක් සහ මහා පරිමාණ වංචා දුෂණ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අතුරු වාර්තා 34 ක පිටපත් සහ එහි අවසන් වාර්තාවේ එක් පිටපතක් ලබාදී ඇත.

මෙම විමර්ශන වාර්තා පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙස කථානායක කරූ ජයසූරිය විසින් පසුගියදා සිදුකළ ලිඛිත දැනුම්දීමට අනුව මෙම වාර්තා ලබාදීමට ජනාධිපති කාර්යාලය කටයුතු කර ඇත.

වාර්තා වන ආකාරයට මෙම වාර්තා කතානායකවරයා වෙත ලබාදීමෙන් පසුව ඔහු විසින් පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

එසේම වත පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙන්නේ එළඹෙන 23 වනදා වන අතර ර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අදාළ වාර්තා වල පිටපත් පාර්ලිමේන්තුවට ලැබීමෙන් පසුව ඒවා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පල කිරීමටද නියමිත බවය.

බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව සහ මහා පරිමාණ වංචා දුෂණ විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අතුරු වාර්තා 34 ජනාධිපතිවරයාට බාර දීමත් සමඟ එය පාර්ලිමේන්තුවට ලබාගන්නා ලෙස පසුගිය සමය පුරා දේශපාලන පක්ෂ කථානායකවරයාගෙන් ඉල්ලා තිබුණි. අදාළ වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීමට යයි පවසමින් පසුගිය 10 වනදා හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවුයේ ද ඒ අනුවය. නමුත් එහිදී අනාවරණය වූයේ බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තුව වෙත ලැබී නොමැති බවය.

එහිදී ජනාධිපති විමර්ශන වාර්තාවේ පිටපත් ජනවාරි 17 වනදා පාර්ලිමේන්තුවට යොමු කරන බවට ජනාධිපති ලේකම්වරයා දැනුම්දී ඇති බවට කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්න්ත් විවාදය නොපැවැත්වීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය විය. ඒ සමඟ අග්‍රාමාත්‍යවරයා එදින පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට යාමත් සමඟ එම තත්ත්වය ගැටුමක් දක්වා දුරදිග ගියේය.

එසේම මේ වන විට බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවේ පිටපත් නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම සහ ශ්‍රී ලංකා මහ බැංකුවට යොමු කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න