හැටදහසක් අතුරුදන් : සහතික සඳහා ඉල්ලුම්පත් හැටයි !

හැටදහසක් අතුරුදන් : සහතික සඳහා ඉල්ලුම්පත් හැටයි !

යුද සමයේදී හා පශ්චාත් යුද සමයේදී අතුරුදහන්වූවන් නැවතත් හමු නොවන බව පිළිගනිමින්, අතුරුදහන්වූවන්ගේ පවුල් වෙනුවෙන් රජය ලබා දෙන සහතිකය සඳහා ඉල්ලුම් කර ඇත්තේ පනහත් - හැටත් අතර සංඛ්‍යාවක් වන බව අනාවරණය වේ.

මෙමගින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් බහුතරයක් දෙනා සිය ඥාතීන් කොතැනක හෝ සිටින බව හා ඔවුන් යළි එන්නේ යැයි විශ්වාස කරන බව හඳුනාගත හැකි බව උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.

 අතුරුදහන්වූවන්ගේ මව්පියන්, බිරින්දෑවරුන්, සැමියන්, දරුවන් හා ඥාතීන් වෙත අතුරුදහන්වූවන්ගේ සහතිකය නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබිණි.

 එසේ වුවද අල්ප සංඛ්‍යාවක් එම සහතිකය සඳහා ඉල්ලුම් කිරීම හේතුවෙන් එයට අදාළ කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.

උතුරු පළාත ප්‍රමුඛ සියලු පළාත්වල ජනතාවට අතුරුදහන්වූවන්ගේ සහතිකය සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව පැවතුණු අතර, මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගමගේ සභාපතිත්වයෙන් යුතුව අතුරුදහන්වූවන් පිළිබඳ විමර්ශනය සඳහා ජනාධිපති කොමිසම පත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී ය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා බවට පත් වීමෙන් අනතුරුව ද කොමිසම සක්‍රීයව කටයුතු කළ අතර එහිදී හැටදහස ඉක්මවූ සංඛ්‍යාවක් අතුරුදහන්ව ඇති බවට පැමිණිලි ලැබී තිබිණි.

(රැස)

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න