බදු නොගෙවා වසා දැමූ ස්‌කාගාරය ඉන්දියාවට විකිනීමේ සුදානමක් !

බදු නොගෙවා වසා දැමූ ස්‌කාගාරය ඉන්දියාවට විකිනීමේ සුදානමක් !

රජයට බදු ගෙවාගත නොහැකිව වසා දමා තිබෙන මත්පැන් නිෂ්පාදනාගාරයක්‌ මත්පැන් නිෂ්පාදනය සඳහා ඉන්දියන් ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමට මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතින බව සුරාබදු දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැති මෙම මත්පැන් නිෂ්පාදනාගාරය රජයට විධිමත් ලෙස බදු නොගෙවීම නිසා මීට වසර හතරකට පමණ පෙර වසාදමා තිබූ එකක්‌ බව ද එම ආරංචි මාර්ග කියා සිටී.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයක්‌ දරන ළඟදීම විශ්‍රාම යැමට නියමිත බලධාරියකුගේ මැදිහත්වීම මත මෙම ගනුදෙනුව සිදුකිරීමට සාකච්ඡා කෙරෙන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.

මේ වන විට කෘත්‍රිම රා නිෂ්පාදනය ද දෙපාර්තමේන්තුව තහනම් කර තිබෙන බවත්, දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයක බලය ඇතිව කෘත්‍රිම රා නිෂ්පාදනය කිරීමට අනුමැතිය ලබාදීමේ අරමුණින් නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්‌වරුන් දෙදෙනකුගෙන් යුත් කමිටුවක්‌ පත්කර තිබෙන බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කෘත්‍රිම රා නිෂ්පාදන තහනම් කර තිබියදී 2002 වසරේ දී කෘත්‍රිම රා නිෂ්පාදනය කළ මාදම්පේ ස්‌ථානයක්‌ සුරාබදු නිලධාරීන් විසින් වටලා එවකට සිටි සුරාබදු කොමසාරිස්‌ ජනරාල් බන්දුල විඡේරත්න මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ ස්‌ථානයෙන් රුපියල් කෝටි 05 ක දඩයක්‌ ද අය කර ගෙන තිබෙන බව ද එම ආරංචි මාර්ග කියා සිටී.

කෘත්‍රිම රා නිෂ්පාදනය කිරීම සඳහා සීනි, ඊස්‌ට්‌, ඇමෝනියා හා යූරියා ද භාවිත කළ යුතු යෑයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන අතර ඒවා උපයෝගී කරගෙන නිපදවන මත්පැන් පානය මනුෂ්‍ය ශරීරයට දැඩි ලෙස අහිතකර බව ද කියා සිටියේය.

(දිවයින)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න