මීගමුව ප‍්‍රදේශයේ පසුගියදා දෙපිරිස් අතර ඇතිවූ ගැටුමෙන් පසු ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය සිද්ධිය සමතයකට පත්කර ගැනීමට ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
පොලිස් ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය ප‍්‍රදේශයේ ආගමික නායකයන් හමුවේ මෙම ඉල්ලීම කර ඇත.
පසුව එම බවත් එම ආගමික නායකයන් සිද්ධිය පොලිසියට දැනුම් දී තිබේ.
මෙම සිද්ධිය සමතයට පත්කරගෙන දෙපාර්ශ්වය පෙර පරිදි ආගමික හා ජාතික වශයෙන් සහජීවනයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් මතුවී ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන් මෙම ඉල්ලීම කර ඇති බවත් දැනගන්නට ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ ආරම්භ කර ඇත.

