හෘදසාක්ෂියක් ඇති කාටවත් සිරිසේනගේ කතාව පිළිගන්න බෑ - SF

හෘදසාක්ෂියක් ඇති කාටවත් සිරිසේනගේ කතාව පිළිගන්න බෑ - SF

ජනාධිපති සිරිසේන ඊයේ (07) සුන්දර කතාවක් කරනු අහන්න ලැබුණත් හෘදසාක්ෂියක් ඇතිව ඊට එකග විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

අද (08) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කල එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරය අවස්ථාවේ ජනාධිපති සිරිසේන කටයුතු කල ආකාරය මන්ත්‍රීවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

" ජනාධිපති කිව්වා මේක දැනගත්තේ උදේ 10:00 ට විතර කියලා. සිංගප්පූරු වෙලාවෙන් වෙන්න ඇති. පස්සෙ 12: 00 ට විතර උපදෙස් නිකුත්කල ලිපිය දැක්කා කිව්වා. ඉන්ටනෙට් එකෙන් වෙන්න ඇති.

ගහපු ගමන් කොමිටියක් දැම්මේ මොකකටද ?

ඊට පස්සෙ එයා කරපු පළවෙනි දේ කිව්වෙ පරීක්ෂණ කොමිටියක් පත්කරා කියලා. මෙතන කිකිළි බිත්තරේ දාලා තාමත් කොක් කොක් ගානවා, ඒ අතරේ බිත්තරේ දාපු හැටියම කොමිටියක් දානවා."

ප්‍රහාරය එල්ලවීමත් සමග පලමුව කළයුතුව තිබුණේ එය නොවන බව මෙහිදී මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

" පරීක්ෂණ කොමිටියක් දාන්න තිබුණේ සුමානයක් හමාරක් ගිහිල්ලා, මේ ගිනි ජාලාව විසදගන්න විදියක් බලලා.

මුලින්ම කරන්න තිබුණ දේ මෙන්න !

මම දකින ආකාරයට මෙතන ඉස්සෙල්ලා කරන්න තිබුණේ ආරක්ෂක අංශ මොකද කරන්නේ කියන එකයි. නමුත් ආරක්ෂක අංශ වලට උපදෙස් දුන්නේ අගමැති හමුවන්න එපා කියලයි.

එතකොටම හරි අරමුණක් නෙවෙයි ඔළුවේ තිබුණේ. කොමිටියක් පත්කරා. ඒ කියන්නේ කෙලින්ම ඔලුවට ආවේ මේක කාගේ හරි පිටින් දාලා මම ඇග බේරගන්න ඕන කියන අදහස.

කාගේ හරි පිටින් වරද පටවලා මාරු වෙන්න හැදුවේ !

වැඩේ ගැස්සුනාම මුලින්ම හිතට ආවේ මොකෙක්ව හරි දංගෙඩියට තියලා මම මේකෙන් පනින්න ඕන කියන උවමනාව.

මෙහෙ ගහලා : ජනාධිපති බනානා ලීෆ් එකේ ලන්ච් ගන්නවා !

අපි දන්නවා අපෙත් යාලුවො එහෙ ඉන්නවා, ජනාධිපතිතුමා එදා දිවා ආහාරය ගත්තේ සිංගප්පූරුවේ බනානා ලීෆ් එකෙන්. පස්සෙ මුස්තාෆා එකේ ශොපිං කරනවා. ඒවා කරාට කමක්නෑ, මෙහෙ වැඩෙත් ඒ අතර කරලා. එහෙනම් එයා හැමදාම එහෙ හිටියත් කමක් නෑ "

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න