පාතාල කල්ලි නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස කුප්‍රකට මාකදුරේ මධූෂ්ගේ සාදයේ සිට ඩුබායි ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූ තවත් 8 දෙනෙකු හෙට (17 ) උදෑසන ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ඔවුන් කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.
මේ අතර තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා මාකදුරේ මධූෂ් ගොනුකළ පෙත්සම එළැඹෙන 18 වනදා විභාගයට ගැනීමට නියමිත බවත් එහිදී ලැබෙන තීන්දුව මත ඔහුව ලංකාවට පිටුවහල් කිරීම හෝ නොකිරීම තීරණය වනු ඇති බවත් දැනගන්නට තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
