ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වෙයි.
රත්ගම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව ගාල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී මෙසේ බන්ධනාගාර ගතකරන ලෙස නියෝගය නිකුත්කර තිබේ.
පොලිස්පතිවරයාගේ නියෝග මත පසුගිය 13 වන දා මෙම පුද්ගලයින් දෙදෙනාගේ අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
