කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත මූල්‍ය සමාගම් දෙකක් වන ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී හා පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී යන සමාගමේ දෙකෙහි කොටස් ගනුදෙනු 2019 පෙබරවාරි 07 දින සිට අත්හිටුවීමට තීරණය කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී.
2018 මාර්තු 31 න් අවසන් වර්ෂය සඳහා වන මූල්‍ය වාර්තාවෙහි වෙනස් කරන ලද ස්වාධීන විගණන වාර්තාව ඉදිරිපත් නොකිරීම, ද ෆිනෑන්ස් සමාගමේ කොටස් ගනුදෙනු අත්හිටුවීමට හේතු වී තිබේ.
මේ අතර නියමිත ආයතනික පාලන අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් සමාගමේ කොටස් ගනුදෙනු තහනම් කිරීමට හේතු වී ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී.
මෙහිදී කොළඹ කොටස් වෙළෙඳපොළ වැඩිදුරටත් කියා සිටින්නේ 2019 පෙබරවාරි 15 දිනට පෙර අදාළ අවශ්‍යතා සපුරාලීමට මෙම සමාගම් අපොහොසත් වන්නේ නම් 2018 පෙබරවාරි 19 දින සිට මෙම සමාගම්වල කොටස් ගනුදෙනු අත්හිටවනු ලබන බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
