ඇමති සාගල : අගමැති කමිටුවේ වැට කඩලා !
රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීමේදී එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පාර්ශවයෙන් වන නියෝජිතයන් සඳහා අනුමැතිය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත්කළ කමිටුවට එරෙහිව අමාත්‍ය සාගල රත්නායක කටයුතු කරන බව වාර්තා වෙයි.
ඒ අදාළ කමිටුව පත්කිරීමට පෙර තම සහෝදරයා වූ කාවන් රත්නායක වරාය අධිකාරියේ සභාපති ලෙස පත්කර ඇති බව සඳහන් කරමින් එකී පත්කිරීමට අදාළව කමිටු අනුමැතිය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම හරහාය.
රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානීන් පත්කිරීමේදී දේශපාලන හිතවත්කම පමණක් නොව එකී තනතුරු දැරීම සඳහා සුදුසුකම් තිබේද යන්න නිශ්චය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අදාළ කමිටුව පත්කර ඇත. ඒ ජනාධිපතිවරයා වෙතින් අදාළ තනතුරු සඳහා එල්ලවිය හැකි විරෝධතා වලක්වා ගැනීමේ අපේක්ෂාවෙන් සහ අදාළ ආයතන සාර්ථකව හසුරවා ගැනීමේ අපේක්ශාවෙන්ය.
වාර්තා වන ආකාරයට කබීර් හෂීම්, ගයන්ත කරුණාතිලක සහ සාගල රත්නායක යන අමාත්‍යවරුන් මෙම කමිටුව නියෝජනය කරයි. මෙම කමිටුව ඊයේ (03) රැස්ව ඇති අතර සාගල රත්නායක අමාත්‍යවරයා ඊට සිය නිසි දායකත්වය ලබාදී නොමැති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
එසේම දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ සාගල රත්නායක අමාත්‍යවරයා අදාළ කමිටුවේ සාමාජිකයකු බැවින් නිවැරදි නම් පළමුව සිය අමාත්‍යංශ සඳහා වන ප්‍රධානීන් ඉහත කමිටුවට යොමුකර අනුමැතිය ලබාගත යුතුව තිබු බවය.
නමුත් එසේ කටයුතු නොකිරීම තුළ සාගල අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයා නම් කළ කමිටුවට අනුව කටයුතු නොකර එය උල්ලංඝනය වන ආකාරයට හැසිරීම අනුමත කල නොහැකි බවත් ඒ හරහා කමිටුව පත්කිරීමේ අපේක්ෂාවද අතාර්කිකව යන බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.