Image

බස් ගාස්තුවට මිල සූත්‍රයක් !

බස් ගාස්තුවට මිල සූත්‍රයක් !

ඉන්ධන සඳහා පවතින මිල සූත්‍රයට සමාන නව බස් ගාස්තු ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බවත් ලබන ජූලි මාසයේ සිදු කිරීමට නියමිත නව බස් ගාස්තු සංශෝධනයට පෙර මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවත් ඊයේ කළ විමසීමකදී ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්. ඒ. පී. ප්‍රේමචන්ද්‍ර මහතා පැවසීය.

මොරටුව විශ්වවිද්‍යාලයේ සම්පත් දායකයන් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් එක්ව කෙටි දුර සහ අන්තර් පළාත් මාර්ග 100ක් උපයෝගී කරගෙන සිදු කරනු ලබන සමීක්ෂණයකින් අනතුරුව මෙම නව බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරේ. එහිදී ගමන් මාර්ගයේ දුර, මගීන් සංඛ්‍යාව, ගාස්තු අය කරනු ලබන ප්‍රමාණය මෙන්ම වැය වන ඉන්ධන ප්‍රමාණයද සැලකිල්ලට ගැනීමට නියමිතය.

2019 වර්ෂයේ ජනවාරි මස 15 වැනිදා සිට ආරම්භ වන මෙම සමීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵල මත සෑම වර්ෂ පහකට වරක් බස් ගාස්තු සංශෝධනය කරන ප්‍රතිපත්තිය සැකසෙන බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු විගස ජූලි මාසයට අදාළ බස්ගාස්තු සංශෝධනය සිදු වන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

(රැස)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න