Image

කිසිම වැඩක් නොවුණු දින 56 ක පාඩුව පියවන්න බෑ - තලතා

කිසිම වැඩක් නොවුණු දින 56 ක පාඩුව පියවන්න බෑ - තලතා

දේශපාලන තීන්දු තීරණ නිසා රට එකතැන පල්වෙමින් ඇති බවත් වැඩක් නොමැතිව ගෙවුණු පසුගිය දින 56ක පාඩුව කෙසේවත් පිරිමැහිය නොහැකි බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ පවසයි.

ඒ නිසා ආපහු 2015 ට පෙර තිබුනු තැනට නැවත රට ගොස් ඇති බවත් ඒ නැවත ගොඩනගන්නට නම් සිංහල ද මුස්ලිම් ද දෙමළ ද යන භේද පසෙකළා සියලු දෙනා මනුෂ්‍ය වර්ගයා ලෙස සලකා කැපවිය යුතුව ඇති බවද අමාත්‍යවරිය සඳහන් කරයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ 2017 වර්ෂයේ ගංවතුර නාය යෑම් ආපදාවලින් විපතට පත් ජනතාවට වන්දි මුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාවට පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2018.12.31 පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

මේ වන විට කෝටි 14 ක මුදලක් පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ආපදා සහනාධාර මුදල් ලබාදීලා තියෙනවා මීට පෙර ආපදාවක් වුණාම රජයෙන් රක්ෂණයක් ගෙවුවේ නැහැ.අද 2015 වසරින් පසු සියලුම පුරවැසියන් රක්ෂණය කරලා තියෙනවා.එදා 2015 ජනවාරි 08 වැනිදාට පෙර ගෙවුවේ රුපියල් පහලොස් දාහක් විතරයි .අද විවිධ විදිහට ගෙවනවා .2017 මැයි මාසේ වුනු ආපදාවලට අදාළව අද වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම ආපදා මුදල් ගෙවලා ඉවරයි. ස්වාභාවික විපත් ඇති වෙන්නේ අපි විසින්ම කරන කියන දේවල් නිසා.එදාට වැඩිය අද ජනගහණය වැඩි වෙලා ඉඩම් විශාල වශයෙන් අවශ්‍යයි.ඉඩ ප්‍රමාණය මදි .එහෙම තියෙද්දිත් රජයේ ඉඩම් විකුණන්න ක්‍රියා කරනවා.

දැන් බලන්න සමෘද්ධිය 1995 ඉදලා අවුරුදු 23 ක්ම දෙනවා .පවුල් ලක්ෂ දෙක හමාරක් විතර ඉන්නවා එදා ඉදලා අවුරුදු 23 ක් තවමත් සමෘද්ධිය ලබනවා.ඒක ඇවිල්ලා දැන් දේශපාලන වැඩ පිළිවෙළක් බවට පත් වෙලා තියෙනවා.මොකක්ද තියෙන දායකත්වය රටට.අපි නිදහස් අධ්‍යාපනය ගැන කථා කරනවා .පොත් ටික නිළ ඇදුම් ටික නොමිලේ දෙනවා.ඉගෙන ගැනීමේ ප්‍රතිශතය විශාල වශයෙන් වැඩි වෙලා නැහැ .දේශපාලන තීන්දු තීරණ නිසා අපි එක තැන පල් වෙන රටක් බවට පත් වෙලා තියෙනවා.ආපදා සහනාධාර බෙදීම ගැන විවිධ චෝදනා තියෙනවා.

අපේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 08 කට ප්‍රබල ලෙස ආපදා තත්වය බලපෑවා.මේවා දෙනවා කියලා කවුරුත් හිතුවේ නැහැ.ඒ නිසා ලියන්න ගියේ නැහැ.අපේ නිලධාරීන් අතින් ලොකු අඩු පාඩු වෙලා තියෙනවා.පත් කරලා ඉන්න නිලධාරීන් තමන්ගේ හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න ඕන.ඉදිරියේදී කාටවත් අසාධාරණ වෙන්න දෙන්නේ නැහැ.නිවිතිගල ආපදා ආධාර ගත්තා සමහර අය .එක වතුර පොදක් ආවේ නැති අය.

දැන් ඔය ගොල්ලෝ දන්නවා දවස් 56 ක් රටේ වැඩක් නැතිව තිබුණා .ඒ දවස් ටික ආපහු මොනවා කරලාවත් අද්දන්න බැහැ.දවස් 56 ක් වෙච්ච දේ නිසා රට ආපහු 2015 ට පෙර තිබුනු තැනට නැවත ගිහිල්ලා තියෙනවා.නැවත අපිට ගොඩ නගන්න සිද්ධ වෙලා තියෙනවා.අපි මොන අභියෝග ආවත් අපි ඉන්නේ ජනතාවගේ පැත්තේ .අපෙන් කෙරෙන්ඩ තියෙන දේ අපි කරනවා.තමුන්නාන්සේලාට ඕන දේශපාලන තීන්දු තීරණයක් ගන්න පුළුවන් .බලය ලබා ගන්න හා බලය රැක හිතා ගෙන වැඩ කරන ආණ්ඩුවක් නෙවෙයි මේක.ස්වාභාවික විපත්වලට රක්ෂණයක් තියෙනවා කියලා කවුරුත් දන්නේ නැහැ.විදුහල්පතිවරු කරන්නේ ඉස්කෝලේ දේශපාලනය.පුද්ගලික රෝහල්වලින් බෙහෙත් ගත්තොත් රුපියල් දහ දාහක් දක්වා ගෙවනවා පාසල් දරුවන්ට.හරියට ලියකියවිලි ටික ඉදිරිපත් කරන්න ඕන.ලක්ෂ 42 ක්ම පාසැල් දරුවෝ. ලක්ෂ දෙක දක්වා වියදම් කළ මුදල් දරුවෙකු අසනීප වුණොත් ලබා ගන්න පුළුවන්.මේ හැම එකක්ම කරලා තියෙනවා.අර ඡන්දයක් ආපුහම හිටපු හැටිය බෞද්ධකමයි සිංහලකමයි මතක් වෙන අය.අපි හිතන්න ඕන සිංහල ද මුස්ලිම් ද දෙමළ ද නෙවෙයි අපි ඔක්කොම මනුෂ්‍ය වර්ගයාගේ අය කියලා.අපිව බලයෙන් එලවන් හැදුවා බරි වුණා හැබැයි අපි හරි දේ කරන්න ඇවිල්ලා තියෙන්නේ .අද විවිධ අසාධාරණකම් වෙලා ඇති ඊළගට මෙවැනි ආපදා සහගත තත්වයක් ආවහම සාධාරණ ලෙස අපි මැදිහත් වෙලා මේවා කරනවා පක්ෂය පාට ජාතිය දේශපාලන බලන්නේ නැතිව අපි ඒක ඉටු කරනවා යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ,හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රා ගන්කන්ද, පළාත් හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ, හිටපු පළාත් සභා මන්ත්‍රි වරුණ ලියනගේ, ප්‍රාදේශීය ලේකම් ඩී.එස්.ජී.රුවන්සිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

48429934 1482105685254616 7843156636695789568 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න