Image

රට බෙදීමට එරෙහිව : චතුරිකා - ඩඩ්ලි දේශපාලනයට !

රට බෙදීමට එරෙහිව : චතුරිකා - ඩඩ්ලි දේශපාලනයට !

ජනාධිපති සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේන ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකු ඉදිරියේදී සෘජුව දේශපාලනයට එක්වීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි

ඒ අතර සිරිසේන ජනාධිපතිගේ සහෝදරයකු වන කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ද සිටින බව වාර්තා වන අතර ඔවුන් දේශපාලනයට ගැනීමට සූදානම් වන්නේ ජනාධිපති සිරිසේන ශ්‍රීලනිප අභ්‍යන්තරයේ හුදකළාවීම වළකා බලය ශක්තිමත් කරගැනීමට බවද එම ආරංචිමාර්ග පවසයි.

වාර්තා වන ආකාරයට දැනටමත් චතුරිකා සිරිසේන වෙනම මාධ්‍ය ඒකක පිහිටුවා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා යොදාගෙන දේශපාලන ආගමනය වෙනුවෙන් වටපිටාව සකසා ගනිමින් සිටින අතර ඩඩ්ලි සිරිසේනද ප්‍රසිද්ධියේ දේශපාලන අදහස් දැක්වීම ආරම්භ කර ඇත.

මේ අතර ඊයේ (01) පැවති උත්සවයක් අමතමින් ඩඩ්ලි සිරිසේන පවසා ඇත්තේ සමහර දේශපාලනඥයින් මුදලට ගිජුකම නිසා රට පාවාදෙන තත්වයට පත්ව ඇති බවත් ඊට එරෙහි සටනට නායකත්වය දීමට තමන් සූදානම් බවය.

තමන් දන්නා දේශපාලනයට අනුව මේ රට කොටස් 9කට, පළාත් 9කට වෙන් කිරීමේ අතිමහත් සැලැස්මක් ක්‍රියාත්මක වන බවත් ඊට එරෙහි සටනට, රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් නායකත්වය දීමට තමන් සූදානම් බවත් තමන්ගේ මේ ප්‍රකාශයම යම් ප්‍රශ්නකාරී එකක් විය හැකි නමුත් තමන් කිසිදු ප්‍රශ්නකයට බිය මිනිසෙකු නොවන බව ද එහිදී ඔහු පවසා ඇතැයි වාර්තා වෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න