Image

ඇමතිලා අනාථ කරන අමුතු කමිටුවක් : සිරිසේන අලුත් නැටුමකට සූදානම් වෙයි.. !

ඇමතිලා අනාථ කරන අමුතු කමිටුවක් : සිරිසේන අලුත් නැටුමකට සූදානම් වෙයි.. !

රාජ්‍ය ආයතන සදහා ප්‍රධානීන් පත්කිරීමේදී ඒ වෙනුවෙන් අනුමැතිය ලබාදීමට විශේෂ කමිටුවක් පත්කිරීමට ජනාධිපති සිරිසේන කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්නගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇති අතර එමගින් නිර්දේශ නොවුනහොත් අදාල පත්කිරීම බලරහිත කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්ට නියෝග කරන්නට නියමිත බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධව ලැබී ඇති තොරතුරු වලට අනූව ජනාධිපති සිරිසේනගේ මේ කමිටුව බලාත්මක වුවහොත් අමාත්‍යාංශ සතු ආයතන සම්බන්ධව අවශ්‍ය ප්‍රධානීන් පත්කිරීමේ හිමිකම අමාත්‍යවරුන්ට අහිමිවීමේ අවධානමක් පවතී.

එසේම අමාත්‍යවරයාට සිය ආයතන අවශ්‍යතාව අනුව මෙහෙයවීමේ අවස්ථාව අහිමිවීමේ අවධානමක් ඇති බවත් අවසානයේදී අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම් අතර, ආයතන ප්‍රධානීන් සහ අමාත්‍යවරයා අතර ආදී ලෙස ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවීමට හැකි බවද අප ආරංචි මාර්ග සදහන් කරයි.

මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ ජනාධිපති සිරිසේන සිය බලය නැවත වටයකින් අවභාවිත කිරීමේ සැලැස්මක් මේ පිටුපසින් ඇති බවය. ඒ එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට සිය කටයුතු කරගෙන යාමට අවශ්‍ය නිදහස සීමා කිරීමට සහ ඒ තුල ආණ්ඩුව අකර්මණ්‍ය, වැඩක් නොකරන බවට අදහසක් ජනතාව වෙත යැවීමට විය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

එසේම මේ ආකාරයකට ජනාධිපති සිරිසේන සියලූ අමාත්‍යාංශ වෙත රාජ්‍ය ආයතන හරහා බලපෑම් කිරීමේ හැකියාවක් ඇති කරගන්නට සහ ඒ ඔස්සේ අමාත්‍යවරුන් කිසිවක් කරකියා ගත නොහැකි බල රහිත වීමේ අවධානමක් ඇති බවත් ඔවුන් අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න