Image

ලංකා තානාපතිවරුන්ට : විදෙස් රටවල අප්‍රසාදය අවසන් නෑ !

ලංකා තානාපතිවරුන්ට : විදෙස් රටවල අප්‍රසාදය අවසන් නෑ !

ප්‍රංශයේ විදේශ අමාත්‍යවරයා හමුවීමට එහි සිටින ශ්‍රී ලංකා තානාපති බුද්ධි අතාවුද විසින් කරන ලද ඉල්ලීමක් ද ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වෙයි.

විදෙස් තානාපති ආරංචිමාර්ග සඳහන් කරන ලෙස පසුගිය ඔක්තෝබර් 26 වනදා දියත්වූ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය හේතුවෙන් අප්‍රසාදය දැක්වීමක් වශයෙන් මෙසේ ලංකා තානාපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇත.

එසේම ජර්මනියේ පැවැති දේශපාලන තත්ත්වය විකෘති කර ලංකාවේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ජර්මන් රජයද ලංකාව සම්බන්ධව මෙවැනිම අප්‍රසාදයකින් පසුවන බවත් ජනාධිපතිගේ එම ප්‍රකාශයට ලංකා‌‌වේ සිටින ජර්මානු තානාපතිවරයා ඒ අවස්ථාවේම ප්‍රතිචාර දැක්වූ බවත් එම ආරංචිමාර්ග පෙන්වා දෙයි. මෙම සිදුවීමෙන් පසුව ජර්මනියේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් ජර්මන් රජයේ බලවතුන් හමුවීමට කරන ලද ඉල්ලීම් ද ප්‍රතික්ෂේප වී ඇති බවද සඳහන් කරන එම ආරංචිමාර්ග විදෙස් සම්බන්ධතා ක්ෂේත්‍රයේ පවතින මෙම අර්බුද විසඳාගන්නට තවත් කාලයක් ගතවනු ඇති බවටද අනතුරු හඟවයි.

ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුවූ පැරණිතම රටක් ලෙස ලංකාවේ මතුවූ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන හැසිරීම සම්බන්ධ සැකය තවමත් පහවගොස් නැති අතර මහින්ද රාජපක්ෂ අගමැතිවූ අවස්ථාවේ කිසිඳු රටක් සුබ පැතුම් එක් නොකළේද මේ විරෝධය නිසා බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වූ පසුව විදෙස් බලවතුන් රැසක් ඔහු ඇතුළු ආණ්ඩුවට සුබ පැතුම් එක්කළ අතර ඉන්දියාව, ඇමරිකාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමය, ඔ්ස්ට්‍රේලියාව, නොර්වේ, ස්විට්සර්ලන්තය, චීනය, ජපානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්, පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් ඒ අතර විය.

ඒ අනුව විදෙස් ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ ලංකා ජනාධිපති සිරිසේන සම්බන්ධ කිසිඳු පැහැදීමක් මේ වන විට යුරෝපා රටවල් ඇතුළු විදෙස් බලවතුන්ට නොමැති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න