Image

බස් ගාස්තු පහළට ?

බස් ගාස්තු පහළට ?

බස් ගාස්තුව වහාම පහත හෙළන ලෙස ඉල්ලා ජාතික ගමනාගමන කොමිසමට සංදේශයක් භාර දීමට සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමය අද (21) කටයුතු කර ඇත.

අද දින සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් අඩු වූ අතර ඊට පෙර ඩීසල් ලීටරයක මිල දෙවතාවක දී රුපියල් හත බැගින් සහ එක්වතාවක දී රුපියල් 05කින් අඩුවූ බව පෙන්වාදී ඇති එම සංදේශයේ සාධාරණ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව මැදිහත් විය යුතු බව අවධාරණය කර ඇත.

එසේම අවම ගාස්තුව 10ක් දක්වා පහත දැමිය යුතු බවත් ඉල්ලා සිටින එම සංදේශයේ බස් මගීන් මුහුණදෙන ප්‍රධාන ගැටළු කිහිපයක් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසද දැනුම්දී ඇත.

සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමයේ සභාපති විමුක්ති දුෂාන්ත රාවණසිංහ ඇතුළු පිරිසක් මෙම සංදේශය භාරදීමේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න