Image

අලුත් පක්ෂයේ යෝජනාව : අද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට !

අලුත් පක්ෂයේ යෝජනාව : අද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට !

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම සම්බන්ධයෙන් වන යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව සූදානම ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පස්වරු 04.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදි පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත්කර සම්මත කරගැනීමටය.

පසුගියදා ගාලු මුවදොර පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන රැළියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව පක්ෂයක් පිහිටුවන බවට ප්‍රකාශ කල එක්සත් ජාතික පෙරමුණ ඇතුළු තවත් පක්ෂ හා සංවිධාන රැසක් මේ වටා එක්කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න