මහනුවර දිස්ත්‍රික්කයේ සර්වජන බලය ශක්තිමත් කිරීමේ වැඩසටහනක් යටතේ ආසන සංවිධායකවරුන් පත් කිරීම සාර්ථකව පසුගිය දින සිදුකරනු ලැබුවා.
මෙහිදී කුණ්ඩසාලේ, තෙල්දෙණිය , උඩුදුම්බර, පාතදුම්බර සහ යටිනුවර ආසන කිහිපයක් ආවරණය වන පරිදි නව සංවිධායකවරුන් සහ සම සංවිධායක වරුන් පිරිසක් සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර අතින් පත්වීම් ලබාගත්තා. ඔවුන්ට අදාළ ප්‍රදේශවල සර්වජන බලය ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම, ජනතාව සමග සම්බන්ධතා වර්ධනය කිරීම සහ පක්ෂයේ අරමුණු ගම්මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ වගකීම් එහි දී භාරදුන්නා.
නව සංවිධායකවරුන් අමතමින් සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර කියා සිටියේ ප්‍රදේශයේ ජනතාව ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒවාට ප්‍රායෝගික විසඳුම් සපයමින්, සමාජ සේවා සහ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යෑමත් සර්වජන සභා වැඩසටහන ගම්මට්ටමින් ක්‍රියාත්මක කරන ලෙසයි. ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ සර්වජන බලය සංවිධාන ව්‍යුහය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරි දේශපාලන සහ සමාජීය කටයුතු සඳහා සූදානම් වීම මෙම පියවර මඟින් ඉලක්ක කරනු ලැබුවා.
මෙම අවස්ථාවට සර්වජන බලය විධායක කමිටු සාමාජිකයින් ද එකව සිටියේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
